ගව් ගණන් | Gaw Ganan by Hirusha Tennakon ft. Asadithaya [2020]

Sinhala song lyrics with music notes illustration

ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..
ලයේ සිරවූ සිතුම් පොදිබැද
වෙර දරා.. වෙර දරා..
කදුලු බිදුවක් වෙලා නෙත්කොන
හිරවෙලා..

ප්‍රේමයට අත්පොතක්
කතර තෙමු වැසි පොදක්
අතු අරා නැගී ආ
නුඹ මහා නුග රුකක්
බදා මහා සෙනෙහසින්
හොවා ලය මත සෙමින්
සිත නිවා උනුහුමින්
මා බලා ආදරෙන්..

ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..

නැවතුන තැනින් ඇරඹුම

සිතට දැනුන ඒ සිනහව
කටකාර කතාව
ඔබ ලග හැමදම දැවටි දැවටි මම
නැවතුනත් හිත හැමතැන
සින්නක්කර ලිව්වෙ මගෙ හැම හැමදෙම
දුවන සිත නැවතුනු තැන මාලිගාව
හැදුවෙමු අපෙ ලොව නව පාට පාට
අඩියෙන් අඩියට පඩියෙන් පඩියට
තනිවෙමු තැනු මන්දාකිනියක

දිගු ඇගිලි තුඩු මතින්
මුදු ලෙසින් අල්ලමින්
ඇස වැටුනු කියඹුවක්
සීරුවෙන් පිසලමින්
නෙතු යුගම දෙස බලා
ඇසිපියක් නොම සලා
හදේ රැදි සියක් දේ
සීරුවට ගලපලා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply