Sinhala song lyrics with music notes illustration

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි..
ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි..
උන් නිල් පාටයි – සමහරු කොල පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි..
නිල්පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි..
මූන ලොකුයි – අලි බඩගෙඩියයි..
කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි..
දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
බලයෙන් මත්වී නීතිය අතගත් ඉස්ගෙඩියොයි..
පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි
උන් සිංදු හදයි පැන පැන කඩේම යයි..
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි..

සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි..
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කලකම් පව් පලදෙයි..
ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි..

දියවන්නාවේ හොද වැඩ කරනා ගෙම්බො ටිකයි..
උන් හැමදාමත් ‍වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි..
දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි..
උන් පින් පාටයි – කරන්නෙ හොද වැඩමයි..
ආයෙත් ඉපදෙන්නේ උන් දිව්‍ය ලෝකයේමයි…

 

Official Music Video

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply