in Dhanith Sri, Randhir Witana

ගින්දර | GINDARA by Dhanith Sri ft. Randhir Witana [2020]

හීන ආකර
හදට කැන්දා
මගේ හදවත රැගෙන ගිය ඒ
ඇගේ හැඩයම
තියෙන රූබරියේ

මගේ මුවගට
වැටෙන බිදුවේ
හිතේ දුක් ගිනි දියව දියවේ
දුවන රුධිරේ
මධුවිතට පෙරලේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

දැවෙන ගින්දර
පපුව ඇතුලේ
නිවාගන්නට නුඹ රැඳෙන්නේ
මගේ අත
උඩ නුඹ රැගුම දෙන්නේ

දුන්න තාලෙට අඩිය තැබුවේ
මගේ වන්නමේ නමක් නැත්තේ
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

banner

Leave a Reply