නෞකාව | Naukawa by Dhanith Sri [2018]

Sinhala song lyrics with music notes illustration

ඇදී යන්නේ
මේ දිගන්තේ මාරුතේ හැපී
මන්දාකිණි හමුවේවිදෝ
අහස් ගග තරණයේ

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ

තරමක උසට වැඩුනු
හය හතරක ඇඟකට
උරුම කරුවෙකු
නොවන මගෙ පපුවට
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා
මග බලන බලන තැන
හුස්මට දුවගෙන
තරුම හොයන් යන
මේ දිවි ගමනක
කෙළවර එක බව මට දැනුනා

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

නිමා වෙන්නේ මේ ජීවේ
රිද්මයකට හුරු වූ
හඹා යන්නේ මායාවේ
අතීතයම රැවටු

වසන්තේ
දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා

ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ

නෞකාවේ
ගමනේ
ඇදී යන්නේ
මේ දිගන්තේ
මාරුතේ හැපී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply