ගියත් දමා | Giyath Dama by Kavindya Adikari [2022]

Sinhala song lyrics with music notes illustration

හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන්
දුටුවාද කදුළු දෑසේ
ඒ ආදරයයි මා පැතුවේ
ඉක්මනින් එන්න මා කීව වචනේ
ඇයි නෑසුනා වාගේ
තනිකම විතරක් ඉතිරි කළේ
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්
ඔය හිතට විහිළුවටවත්
රවටන්නට බෑ දැනුන හිතක්
මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
හැර යන්න හිතලා ළංවී
නැති ආදරයක් දීපූ හිතක්
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply