in Ravi Royster, Uncategorized

හමාර බණවර | Hamara Banavara by Ravi Royster [2019]

පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක්බරනම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ

කන්ද පාමුල සොහෙන හුරු නෑ
දන්නවා ම්ං මගෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගේ

banner

Leave a Reply