හඳ අල්ලන්න ආස ගමන | Handa Allanna Aasa Gamana by Wayo [2020]

කදුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ

වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
පුරන් වූවාද ජීවිතේ

පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනාද හදවතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කදුලු ආවාද හිතුමතේ

නොමැති වූ දාක කැමති දේ
අදුර ගත්තා ද හිත අපේ

අපි ආගිය පාරේ
එනවද නෑ පේන මානේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *