හන්තානෙ මල් | Hanthane Mal by Mahiru Senarathne x Akesh J

Sinhala song lyrics with music notes illustration

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ

ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

written by Mahiru Senarathne

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply