හිටියේ බලන්
මෙතුවක් කලක්
පෙරුමන් පුරන්
නොවෙදෝ ඉතින්
අහිතක් හිතන්
නෑ මං තවත්
කොහෙහෝ ඉඳන්
හිඳිනදෝ සුවෙන්
යලි එන්න හිතුනාද සොඳුරේ
කිමදෝ ඉතින් ආයේ නාවේ
නිවුනේ මගේ පුරුදු හීනේ
ආයෙ නොවේ හීන පැතුවේ
හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ
නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්
මතකයි අදත්
අපි හිනැහී එදත්
මාගෙ කියා
නුඹ කියූදා
අද නුඹ ටිකක්
මට නුහුරුයි උනත්
ආ ගිය තැන් රැඳිලා
මැකුනාද ඒ ආලෙ සොඳුරේ
හිනැහෙන්න පුලුවන්ද ආයේ
දුර යන්න ඇයි හේතු හිතුනේ
ලඟ ඉන්න එනවාද මාගේ
හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ
නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්
written by Mahiru Senarathne
Leave a Reply