හීන පොදි | Heena Podi by Uthsari Ekanayaka xTharindu Damsara

Sinhala song lyrics with music notes illustration

හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදී
රෝස කැකුළක් නෙළන් මවක ආයෙම වඩී
මායිමෙහි ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිඳී
පියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී

අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට බසී
සියොතුන්ද වෙහෙස අග කැදැල්ලක සුව විඳී
රැයෙත් පිඹ දහදියට තනනු වස් දෑවැදී
තාත්තෙක් වැඩපළක නිදි නැතුව වැඩ ඇතී

මඟුල් දා පෝරුවට යන දුවක අත රැඳී
කටුව වී නටුව මත මල රැකපු අත ඇතී
හදවතම කඩා වෙන අතක දවටන හැටී
පියෙකුගේ ඇස් අගට කඳුළෙ පින හිමි නැතී

නිමක් නැති අහස් කුස හුදකලා තරු ඇතී
දැවී ගිය මුත් පොරණ අද ද එළි විහිදතී
වැඩ නිසා අතපසුව ගිය ද මතකෙන් මිදී
කොහේ හෝ බිම්කඩක තාත්තා නිදි ඇතී

written by Dilhan Fonseka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply