in Chamara Weerasinghe

හිනැහෙන්නට එපා | Hinahennata Epa by Chamara Weerasinghe

හිනැහෙන්නට එපා හොරෙන්
දෙනෝදහක් අතර මැද්දෙ
මට හිතේවි නිල් දෑසට එබී බලන්න
ආදරයෙන් මුළු දවසම බලාන ඉන්න
බලාන ඉන්න

අර දුටුවද දුර ආකාසේ
මගෙ තනියට ඔබ වාගේ
මහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලා
තව ටිකකින් මැකිලා යාවී
මහ වැහි ඇල්ලක් කඩා හැලේවී
දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ

වැලපෙන්නට එපා දුකින්
කවුරු ඇතත් ඔය ඇස් ලඟ
හිත කියාවි හිතේ දුකින් හඬා වැටෙන්න
ආදරයෙන් රතු දෙකොපුල් පිසලාලන්න
පිසලාලන්න

අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා
කිරි උතුරා ආදරයෙන් ඔබෙ ආදර මුහුන වගේ
තව මොහොතින් මුදුනට ඒවී
කලු වලාකුලක සැඟවී යාවී
හිත ලඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ
ලැජ්ජ වෙන්න එපා ඉතින් අපි විතරයි කවුරුත් නැහැ
දැන් හිතේවි ආදරයෙන් ඔබ සිප ගන්න
ආදරයෙන් පිරි දෙඅදර උණුසුම දෙන්න
උණුසුම දෙන්න

banner

Leave a Reply