හිතකින් | Hithakin by Dilki Uresha [2022]

Sinhala song lyrics with music notes illustration

නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ

යලි එන්න යැයි කියා – නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදිවෙයි මුළු ජීවිතයත්

නුඹව හඳුනන්න – මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න – වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න

වැරදි නැහැ දන්න – මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ – දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

written by Prasanna Kumara Dammalage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply