හුස්ම පිනිස | Husma Pinisa by Drill Team, Minol Witharana [2021]

Sinhala song lyrics with music notes illustration

නොවෙනසින් වෙනසක් කිමිද
විරල සතු විනිස කිරන බත් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස
කරදියත් මිරිදියත් විඳින
හිඟනකම විඳින කලුම මල් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස

කඩ පිලිවෙල මිලට අන්ධ බීරී
විලි වැහුවට හිලට දන්න සිරිත්
සිරිමත් මගේ සකි විටක වංකගිරි
හතර බීරි කතා රිදෙන කන්ද ඉතිම්
වලිගේ වනයි කිරි නිවෙන කන්ද ඉතිම්
ලෝකෙට බරක් අහස පෙන්නුවද ගිහින්
බොළඳ වදන් උස්සන් දුවනකම්ම ඉතිම්
කන් බෙර පලයි එක වචනකින් මේ රැප්
මොන කි””ක්ද තැඹිලි ගහේ
කිව්වා මේවා රැප් බන්
අතුරේ යන්න තොපි නලුවෝ නෙවෙයි
හිත රිදුනේ නැත්තන්
නින්ද යනකන් ඔලුව අත ගෑවත්
ටොක්කක් නැත්තන්
පන දෙන්න ඕන කලාවක් නෙමෙයි
අනේ හුක් මන් රැප් බන්

ඕලෙවල් ෆේල් වෙලා මම තනියම
පිට්ටනිය උඩ බලන්
වලාකුලු මාව බලන්
කතා කලා දේවල් අපි හරියට ඒ උත්තර
හිර කරන් ඉවරකරා පොත් ගනන්
මට ඕනමයි වෙන ඕනමයි හිතන පපු කැවුතු කා
අරගෙන රෝගියෙක් වෙන්නම් මං මත දාරීන්ට
ලියනාඩෝ ඩාවින්චිව පේන්නම
උදැල්ලක් හෝ පෑනක් උඹට ඕන විදියට අරගනින්
උඹට ඕන විදිය දැන ගනින්
ජීවත් වෙනවා කියලා විස්වාස නැත්තන්
හොඳ හුස්මක් අර ගනින්
මම පෑනක් ගන්න හැමවෙලාවෙම
ඒක හිතෙන් හිතනවා මරනවා එක එක විදියට
ඒත් රෑ මන් කල්පනා කරන
විට මරනවා මැරෙනවා
මං එක එක විදියට

නොවෙනසින් වෙනසක් කිමිද
විරල සතු විනිස කිරන බත් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස
කරදියත් මිරිදියත් විඳින
හිඟනකම විඳින කලුම මල් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply