දුම්මල වරම | Dummala Warama by Drill Team, Minol Witharana [2021]

Sinhala song lyrics with music notes illustration

කාසියට වාසියට බලයට සින්නවුනු
මැජික් පෙන්නුවේ හෙලුවෙන්
මිනිස් හැඟීම් ඇවිස්සුනු
රැප් වලින් බෙදුවේ දැන් උඹ දැන්
විකුනන් කයි අනෙකාගේ කුනු
විසිකරත් බෑ බොන්නත් බෑ නිසා කිරි උණු
ඇහුවොත් ආචාර්ය මහාචාර්ය බහුශෘත
සිංහල රැප් නමින් කියවෙන්නේ පාලි සංස්කෘත
උඩට යද්දි කකුලෙන් අදින බොලා නමට
පුරාවෘත්ත ඉතුරු කලේ කලාවේ දේහ මෘත

සමගෝලේ වසන අසම සිතුවිලි ඇති දන
රස රසම හොයයි පිනවන්නට ඇස දිව කන
රවිපාල රඟන නාට්‍ය මම Reality
වෛර කරපන් මගේ නමට
ගහන්න දෙන්නට හැරමිටි
ශබ්දාගාරේ ඇතුලේ ඉඳන් රජකම
මහාපාරේ මිනී මරන
තරන සඳ මත ඒත් යටි බඩ ඉරණමට
ලැබුනු වරම
හරන කොට ප්‍රසිද්ධි පැන්ටසි මුලාවේ
නවකයන්ගේ ගරන
පරන පන්සලේ පොලොවේ යටගිය
නම ලොකු අයියගේ සරණ

———— தமிழ்ப் பகுதி ————

———— English part ———–

———— தமிழ்ப் பகுதி ———–

———— English part ———–

සම්මුති කලා කම්මුති ලිව්වා නන්ස්කෘති
ඇහුවා අපි කාලා තාන්දූරී
මේවා රැප් සංස්කෘති තොපෙ හිස් කෘති
කලේ මොල අනුනාද වැරදුනේ නෑ සෘති
වියතෙන් වියත මැන්නේ දියත කියත සියත
දුවපන් නැගගෙන රියක ලියන්නන් මම ගීත
කරන්නම් විලම් බීත වෙලාද ඔලු සීත
දෙන්නම් මන් උනු ගීත

ලැව්ගිනි වගේ දේවි රැව් පිලි හර්කියුලිස්
මම බර්මියුඩා ගන්නේ නැව් බිලි
සව්සිරි ඇතියාව කල් කිරි and the swacked
දාලා කැප් වෙන්නේ පොත පලවෙනි
සාසනිකයි දාමරිකයි රටත් ලිව්වොත්
තොපි ප්‍රාථමිකයි සාහසිකයි මම
කල බන සාගරයක් ආධුනිකයි
තව වැටුනේ දැන් උල්කාවන් පතාගෙන බිම

මිනෝල් ආවද මන්දා
කුලී ගෙදරින් බස් එකෙන් ආලකමන්දාවට
මල්ලි ඉන්නේ වැලිකඩ මේ තුන්වෙනි
වතාවටම
දුන්නා මම අම්මා එල්ලපු සුරේ ගණිකාවකට
ලිව්ව හැම නිර්මානෙකම ජීවිතේම පාදකව
විඳවූ බාරකම ඔප්පු කලා පාරේ මම රෑට
හීනේ ආස කල දිලිසෙන තරු මා වට කර
පාවඩ එලා කනකට කර අහනවා
මගෙන් මිනෝල් ආවද මන්දා,

ගේට්ටුවට තට්ටු කරනවා ඇහෙනවා
මානසික් ට අතා
හැකි සෑම විට පෑන ගෙන පෑල දොරෙන් පැන්න
වචන ගැන මොනවද බන් කියවෙන්නේ
උබලට තිබිලත් වරම කරනවා තාමත් කවර
ගැත් වෙලා ආසම සරම අහනවා දැන් මගේ තරම
දනු මස් ලා මානෙන් පරන කන්බෙර පලන
මිනෝල් අරගෙන සිංහල දුම්මල වරම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply