මල් වරුසාවේ | Mal Warusawe by Pradeep Rangana

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනා
මානස විල් තෙර මල් මුවරද ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා හද තුළ රැඳුණා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

මණ්දාකිණියේ තරු මල් පෙති හැලුණා
කප්රුක් සෙවනේ සිත ඉතිරී ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා ළය උණුසුම හැදුවා

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා

written by Pradeep Rangana

සිහින පායේ | Sihina Paye by Pradeep Rangana

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා
ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා
ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී
ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී
සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

දිග්විජය පතුරන්න | Digvijaya Pathuranna by Pradeep Rangana

දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා

නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා
අකුණු සංග්‍රාම බලය විහිදාවි මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම්
අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි

දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා

පාන වගේ පේන හීනේ | Paana Wage Pena Heene by Pradeep Rangana

පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ
සරා සඳකි දෑස අස්සේ
කෝඩුකාර රෑන මැද්දේ
පියාසලා හීන වැස්සේ
අපේ ආදරේ
ඝන නිල් වලා අස්සේ හැංගිලා
කවිකාර තරුකා ඇස් මත් වෙලා
දේදුන්න සේ වලා තීරයේ
බොඳ වෙලා අපේ පෙම් කතා

මේ කුළු වසා ඔබ සිටී නම්
ජිවිතේ විඳිමු දුක සැප සම සිතකින්
ආදරේ සියෝ ළඟම වෙලේ නම්
ඔබ මගේ වෙලා…

පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ

ප්‍රේම දඩයම | Prema Dadayama by Pradeep Rangana

උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

පෙම් පූජාසනේ නෑ ඔබේ
ආදරේ මල් වැල් තබා
අැයි පලිගන්නේ හිත වියරුවෙන්
මිරිඟුවක් සේ තැන තැනා
ප්‍රේම දඩයම සොයා
ප්‍රේම දඩයම සොයා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

ආදර හිත් තෙතමනෙන්
ජිවිතේ අරුතක් සොයා
ළං වී ඉන්න මා ළඟ සදා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

ඔබෙ නමට පුදමී සදා | Obe Namata Pudami Sada by Pradeep Rangana

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ

මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් වීලා විසඳුම් සොයලා සිත ළඟ පෑහී
කියනු ඔබ කවුදෝ කියා

ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ

ඇසෙනා මානේ ඔබ අද වේ නම් ඇති නම් හර්දේ
ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ
මැවු සිහිනෙ පිබිදෙයිද මං

ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි

ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ආඩම්බරකාරී | Adambarakari by Pradeep Rangana

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා
සිත රහසේ බැඳුනා
ඔය වත කමලේ සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැඟුම් මැවුනා

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී
මගේ සයනේ සැතපෙවී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

මහ වැස්ස | Maha Wassa by Pradeep Rangana

මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න නංගී
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න දෝණි
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්
මදිවී දො මාගේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

තනිවූ වලාවක් පාවීය අහසේ
අසමින් තෙපුල් මව් සෙනෙහේ
දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින්
සැනසූ විඩාවූ නිමේශේ
සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින්
පදවා රුවල් අහිමි නෞකා
දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ
සඳ ආයේ පායන්නේ කවදා
වියලී දෙපාවන් තෙමනා දයාවෙන්
වස්සන්න ඈ රුවට වර්ෂා
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

ඔබගෙන් තරම් | Obagen Tharam by Pradeep Rangana

ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්

ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදීනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා

කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබෙ හැඬුම් මගේ කියා
සමසිතින් අපි විඳගමු
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා

ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
මතකේ රැදේ අභිමානයෙක්
ජීවිතේ ලිව්වා

සෙවන දැරූ ගුරු උරුම පුරා
සුව දිනන හීන පෙන්නා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න

මිතුදම් සුවදයි
මේ පිටු අතරේ
කෙලිලොල් මතකේ
පන්තිකාමරේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
පොත් පටුනේ ඇතු හැගුමන්
අපිට කියා දුනා
බලා සිටියේ නිහඩව දෑසින්
පෙර මග පාවඩ එලලා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න