සුරලාලිනීයේ | Suralaliniye by Solo Town [2023]

සරාග හිනාවෙ
නුරාග වෙලාවෙ
පුරාලු මිදි මදිරා
මධුමල් කිනිත්තේ
පෙම් හිත කෙනිත්තු
ඇදුරුතුමියයි ඔයා
අනුරා කතාව
ආදර කලාව
මට උගන්වන්න බැරිදෝ

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උඹ හරි පුදුමයි
සුරලාලිනියේ

Here we go gain
රෝස පෙති වගේ දෙතොල් උමතු කලා මාව
එක බැල්මෙන් උනත් රැවටෙයි ඒ නෙතු දුටුවාහම
මාව අල්ලේ උනත් නටවයි නේ ඇය හැමදාම
ගහේ දල්ලේ උනත් ගෙඩි එන්නේ මල් හැදුනාහම

මේ ආදරේ විනාසකාරී රාගිනි පහස
මං ආස්සරේ කරපූ ගමන් දැනුනා ඒ රහස
නුබ ගාවනම් හිලෑ නෑ හිත නෙමෙයි අපහාස
ඉතින් කාමිනී රාගය අස්සේ පාන මදහස

සැන්දෑ ලතාව

පොප් ගීතිකාව
පාවී ඔහෙ යන්ද
රෝන්දේ ගිහින්ම
මහන්සි වුණාම
රෑ මැද ගුලි වෙන්න
හාවා වගේම
ඉන්නම් හදේම
බෑ දැන් අතාරින්න

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උබ හරි පුදුමයි
සුරලාලිනියේ

written by Gihan Chamika