රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

written by Achala Solomons

iraj u0026 ranidu,ranidu,irajproductions,iraj,iraj show,weeraratne,sri lankan radio,sri lankan rnb,sri lanka,ill noize,ninda noyana handawe,sri lankan hitz,sri lankan hits,ninda,nilan,sri lankan music,sri lankan hip hop,sinhala songs,sinhala,handawe,sri lankan pop,wasantha,illnoize,ahankara nagare,sinhalies,sri lankan songs,noyana,correy,ahankara,ahankaara,dukgannarala,hits

කූඹියෝ (Theme Song) | Koombiyo (Theme Song) by Achala Solomons

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

written by Achala Solomons, Chamath Sangeet & Smokio