මළවුන් | Malawun by Kisara Randeniye [2021]

නිවන හොයන උන් සේරම දෛවයේ සරදමකට මෙන්
වැරදුනාම හිනහුනා මිත්‍රයා

සරම ඇඳිද රෑ නිදි කල
එලිවන විට එයද නොමැත
නිරුවතින් නිරුවතින් මිත්‍රයා

අපිම අපෙම උන් විඳවන විට ලබනා සතුට කිමද
කුමටදෝ කුමටදෝ මිත්‍රයා

නුඹට නුඹද නුඹ ආදරෙ කරන කෙනෙකුන් යන තුරු මේ
මරණයාත් විහිලුවාක් මිත්‍රයා

උන් උන් අපෙ උන්
හිනා වෙන්නෙ ඇයි මුන්
උඹත් මමත් මැරුණම
හෙට සිට මළවුන්

උන් උන් අපෙ උන්
හිනා වෙන්නෙ ඇයි මුන්
උඹත් මමත් මැරුණම
හෙට සිට මළවුන්