ඇස් වසා | As Wasa by La Signore [2022]

ඇස්වසාගෙන ඉමු කියා
මට හොරෙන් දැන් නුඹ ගියා
හිතුවෙ නෑ නුඹ යයි කියා

හිත පුරා යන දුක කියා
ගනු කෙනෙක් මට නැති නිසා
කෑ ගසා මම ගොළු වුනා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ සමුගන්නා

මට දරා ගනු බැරි නිසා
කදුලකින් සිත පිහිදුවා
ඒ තරම් ලෙන්ගතු නිසා

ඒ හැගුම් බර වැඩි නිසා
අහසටත් දුක තෙරුනා
වැරදුනේ කොතනද කියා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ සමුගන්නා

විදවනා හීන අතලගින් දුන්න රෑ පුරා කවි ලියා
නොමියෙනා හීන මියදෙනා දාට මම ඉතින් තනි වුනා

නුඹ ලගින් තියපු මතකයේ සුවද අද උඹත් පෑරෙනා
සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ

හුලං බනිස් | Hulan Banis by La Signore [2021]

න්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

හොද… ට කන්නයි තියන්..

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

බිදෙන්නේ
වීදුරු බිදෙන්නේ
මේ හිතේ ස්නේහෙ දැනීලා
වදින්නේ
සීනුව වදින්නේ
ආදරේ තරම දැනීලා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

සීමා බැන්දේ කව්දෝ අපෙ ලෝකේ
සංසුං වූයේ හින්දා උබෙ ආලේ
තවත් නං
ගොඩක් නෑ
කාලෙනං
ඉතුරු නෑ
උබෙන් මං
මිදෙන්නෑ
හිතෙන් යන්න බෑ

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

Girl
you are the full package
all these other girls average
It’s kinda let’s you savage
so sick and love you the

Me and you together
ain’t nothing better
I used to be under the weather
Now I’m over the moon or whatever

I’ll never take you for granted
I promise
I messed here around
and let’s be honest
All that I need in this life is to sin
All that I need in this life is to sin

together we conquer and overcome anything
Just me and my girlfriend
I don’t care about what your friend says
It’s you and I till the world’s end

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

බිදෙන්නේ
වීදුරු බිදෙන්නේ
මේ හිතේ ස්නේහෙ දැනීලා
වදින්නේ
සීනුව වදින්නේ
ආදරේ තරම දැනීලා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

මගේ නේදෝ | Mage Nedo by La Signore [2021]

ඔබ කියූ
ඔබ ගෙතූ
පෙම් කතා
කාටදෝ

නෙතු බැලුම් දුන් හැගුම්
තවමත් මාගේ දෝ
කාටවත් නෑ ඔබේ
දෑසේ ඉනා
ආදරේ මේතරම් ඒ නිසා
මාගේ නිසා

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

හදවතත් නැවතුනේ
ඔබ ලගදී විතර නේ
නොමැකෙනා මතකයන්
දුන්නේ නුඹම නේ
ඒ මතක ගැලපුවේ
අපි විතර නේ
සෑහෙන්න ආදරේ ඒකනේ
මේ ඔබට නේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

නෙතගින් කදුලක් අරන්
රිදුවත් ඔබට මං මේ වෙලේ
මනසින් විදවූ තරම්
නුඹ දන්නෑ ලදේ ඒ දිනේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

Jaffna Stallions’ Theme Song by La Singnore ft. Dinesh Gamage [2020]

Jaffna stallions
Jaffna boys

Jaffna stallions
Jaffna boys

කාලේ හොදයි දැන්
වාඩා මචා

බෝලෙ කැපෙයි දැන්
ගහමු මචා

මල්වෙඩි වැස්සේ
නටමු දැන්

බෙරහඩ මැද්දේ
දුවමූ
දැන් ඒ කාලේ තමා

කාලේ හොදයි දැන්
වාඩා මචා

Jaffna stallions
Jaffna boys

යෝකර් මැද්දේ
පපුව ගැහෙන්නේ
ඉවසන් හිටියොත් දිනුම නේ

අපේ හැගුම නේ
ක්‍රිකට් පණ වගේ
සිංහ ධජය දැන් දිලෙන්නේ

කාලේ හොදයි දැන්
වාඩා මචා

Jaffna boys

ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha by Wasthi Productions ft. Anushka Udana, Dinesh Gamage, Nisal Gamage, Bathiya & Santhush, Lahiru Perera [2020]

නැගිටිමු යලිත්
නැවතුනු තැනින්
ලක් මෑණියේ
නුඹේ අත අල්ලමින්

නැගිටිමු යලිත්
වැරදුනු තැනින්
ලක් මෑණියේ
දිනු දේශය නමින්

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදිමු අපි සැමදා
ශ්‍රී ලංකා මාතා
ප්‍රාණය සේ මාතා
රැකගමු අපි සැවොමා

එකමුතු කම්
නැතිවුනු තැන්
හදමුද අපි වෙහෙස වීලා
අපේ නමින් ඒ විරුවන්
දිවිදුන් නය බේරා

යලි ගෙනෙමු සිංහ සේයා
හඩනගමූ සිංහ සේනා
මව් රකිමු
අප නැගෙමු සදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හැදෙන්නෙ නෑ | Hedenne ne by La Signore (Lahiru Perera) [2019]

පීඩිත පංතිය පීඩිත උන දෙන්
දනපති පංතිය දනවත් උන දෙන්
මද්‍යම පංතිය අමතක උන දෙන්
ඉපදුන දා ඉද කඩේම ගිය දෙන්

හොදයි හොද වැඩේ
රට කන එකාගෙ බඩ ලොකුයි
රට කාල 225ම පැනලා රට යයි

හොදයි මරු වැඩේ
බිම් අගලක් ඉතිරි නොකර යයි
උඹ පාට පක්ශ පිල් බදාගෙනම වැලලෙයි

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

මේක කියන්නෙ
අපේ උගත් දේශපාලඥයන්ට නෙවෙයි
ඉපදුන දවසේ ඉදන්ම
අතිගරු දේශපාලඥයන්ට කඩේ යන
අපේම ශ්‍රී ලාංකිකයන්ට

මට ඕනේ සිංදු කියන්න
සිංදු තියලා නුඹලාව සන්තෝසෙන් තියන්න
ආසයි දවසක ලංකාවේ නම
ලෝකෙට ඇහෙන්න
කෑගහලා කියන්න
ලංකාව මට දුන්නු දේවල් ගොඩයි
ඒ හින්දා රට දාල නොයන්න හේතු ගොඩයි
රජයේ පාසලට දැම්මේ මගෙ ලමයි
සිංහල උගෙන රටට වැඩක් කරන්නමයි
නැතුව
දාන්න සල්ලි නැතුව නෙවෙයි
උඹලා කියන්නෙ උන්ට රටත් දාල යන්නද
ඇමෙරිකාව ඩොලර් වලින්
ජීවත් කරවන්න ද
උන්ටත් කඩේ යන්න පුරුදු කරවන්න ද

කැඩේ යමං
අට පාස් නැති සර් පස්සේ යමං
කොමිස් අරන්
අහින්සක උන්ගේ බඩ පාගපං
ඉන්දියන් සාගරේ
මුතු ඇටය යට වෙද්දී
උබලත් උන් එක්ක
තව රටක් කන්න හොයන් යමං

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

අවුරුදු 70ක් අපි ඉන්නෙ
වහල් කමේ
තම රට ගොඩනගන උන් හොරකමේ
හොරකමට පොරකන උන්ව
පොරවල් කරන්නෙත් උඹමයි
තෝරගෙන කොරවෙලා දැන් මොරාට මේ රට
මේ රට බේරගන්න බැරි නෑ නගේ මලේ
අම්මට තාත්තට අන්තිමට වැන්ද දවස ඊයෙද
කාපු ටොපි කොලේ පාරේ නොදා
ගෙදර ගෙනාවද
දැන් පාන් රාත්තලලේ ගාන කීයද
ලැජ්ජ වෙයන් උඹේ හොදම යාලුවා එක්ක
මරා ගත්තට
දේශ පාලුවෝ උගේ වැඩේ හරියට කලා
මිනිස්සු භේද කලා
අපිව මුලා කලා
උඹ තාමත් උන්ට කඩේ යන හින්දා කොහෙද
ඉදිරි පරපුරට ලංකාවක්
සල්ලි ගැහුවා වලින් හදපු මංමාවත්
දුවලා දුවලා හති වැටිලා දුවලා
උන් එක්ක අරන් දුවපං සෙංකෝලත්

පාට පාට මත හිසේ දරාගෙන
එකට හිටපු උන් තරහ වෙලා
කොහෙවත් යන මත රකින්න හදනවා
හෙට දවසක් නොපෙනෙන්නෙ සදා
පාරක් ගානේ හුරේ කියාගෙන
දහඩිය හෙලුවා දවස පුරා
ලැබෙන දෙයක් නැත
ලැබුන දෙයක් නැත
අවසානේ උඹ මුලා වෙලා

හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා
හැදෙන්නෙ නෑ උඹලා
කොහොමත් හදන්න බෑ උඹලා

හොදයි හොද වැඩේ
රට කන එකාගෙ බඩ ලොකුයි
රට කාල 225ම පැනලා රට යයි

හොදයි මරු වැඩේ
බිම් අගලක් ඉතිරි නොකර යයි
උඹ පාට පක්ශ පිල් බදාගෙනම වැලලෙයි

 

Hawasaka Ma / හවසක මා – Lahiru Perera

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා…
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….

ළබැදියේ | Labadiye by Lahiru Perera

ඔබ එන්න සුලගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැගවිලා

ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ හිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා

ළබැදියේ…..

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළදා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ළබැදියේ…..

Download the Official Audio

Desin Pe / දෑසින් පෑ – Lahiru Perera

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

Rambari / රම්බරි – Lahiru Perera

රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (වැඩිද මන්දා)

ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ (ඩේ ඩේ)
කවුද මේක බාරගන්නෙ අන්තිමේ (මේ මේ)
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ (ටේ ටේ)
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ (ටේ ටේ)

හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලංවෙලා

රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා

මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා

පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා

ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා