ඈතට පා වීලා | Athata Paa Weela by Miyuru Sangeeth [2021]

මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

ඈතට යන්නට එකවර බැහැ මට
සිත එය කීවත් කෙසේ කරන්නද…
නුඹට වගේ මට නැහැ රළු හැඟුමන්
එබැවින් මම ඉමි හද සුව වෙනකම්…

රුව මෙන් හැඟුමන් සොඳුරු වුණා නම්
අදටත් විඳිනෙමි ඇගෙ ආලය මං…
හමුවන වෙන්වන සොඳුරු කතා වල
කියන්න දහසක් රහස් කතා ඇත…

මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

පතිනිය | Pathiniya by Miyuru Sangeeth [2020]

තරු සේ දිලෙනා නෙතඟේ මායා
මා හා රහසේ බැඳුණා…
ඔබ හා ගෙවෙනා මොහොතක් පාසා
සිත මා සතුටේ ගිලුනා…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…

වැටෙනා හුස්ම ගානේ
ඔබමයි සිත පතන්නේ…
නොනිදා දකින සිහිනේ
මායම් පාන කුමරී…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…

තිබෙනා තුරා දිවි මා
හැරදා නොයමි කිසිදා…
ඉඳුරා කියමි දිවුරා
සසරේ පතමි සැමදා…
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා…
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා…