කියන්න සුලගේ | Kiyanna Sulage by Annesley Malewana

කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ

කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
අතරමගදි ඔබ එනවිට මොනවාද දුටුවේ

ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ

කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
තුරුලු කරන් මුව දෙන පැටියාට කිරි පෙව්වා

බුදුන් ගේ සිරිපාද තියැයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුලගේ ඔබ ගියේ නැද්ද

ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවාද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න