පණ දාගෙන | Pana Dagena by Desmond De Silva

පණ දාගෙන පන්දු යවනවා
කරබාගෙන පිත්ත වනනවා
විකට් එකත් දෙකට කැඩෙනවා
අම්පයර් දොරේ අත උස්සනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

අර පැත්තේ කොඩිය වනනවා
මේ පැත්තේ තොප්පි වනනවා
කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා
පිට්ටනියේ ලිස්සා වැටෙනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

ප්‍රින්සිපල්ගේ ජොලිය නගිනවා
සිගරට් එක පත්තු කරනවා
නෝනා කෙනෙක් දිහා බලනවා
බිග් මැච් එක කොට උඩ යනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

සුමිහිරි පානේ | Sumihiri Pane by Desmond De Silva

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Drink on Sunday – Eat on Monday
Dance on Saturday – Die on Any day…..

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

විල්සන් මාස්ටර්ගේ | Wilson Masterge by Desmond De Silva

විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා
මිනිහට යකා නැගලා දැන්
බැලෝ එකට අන්ඩ දාලා
හුලන් යනවා හෝස් ගාලා
සරිගම අවුල් වෙලා බං

ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවා
යකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවා
අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා
මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා

තිරේ ඇදලා ලයිට් දාලා ඩෝලේ ගහනවා
සර්පිනාව හෝස් ගාලා සද්දේ ඇහෙනවා
ඒ සද්දෙට අහල පහල බල්ලෝ බුරනවා
වටේ බලං ඉන්න කොල්ලෝ විසිල් ගහනවා

මාස්ටර්ගේ සංගීතෙට ලෙඩේ ඇදෙනවා
ඔයින් මෙයින් නාට්ටියත් නතර කරනවා
වේදිකාවේ රියල් වැඩක් දෙන්න හදනවා
බයිලා කැසට් දාලා කොල්ලෝ බක්කෝ නටනවා

යමං බණ්ඩො | Yaman Bando by Desmond De Silva

යමං බණ්ඩො වෙසක් බලන්න
ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ
බජාර් එකේ මම සැන්ඩෝ
බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ
රජ්ජුර්වෝ මම බණ්ඩෝ
ඒයි බණ්ඩො යමන්කො ඩෝ
කොළඹ වෙසක් බලපන්ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ
කොළඹ ගෑණු ලස්සනදෝ

බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට
නැමි පනාව ගහල උඩට
ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ
අන්න බණ්ඩ යනව කොළඹ
ඩබල් ඩෙකර් යනව පාරෙ
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු උණොත් මගෙ මැණිකේ
මං මැරෙනව කොළඹ නගරෙ

යන්න රට වටේ | Yanna Rata Wate by Desmond De Silva

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ…

ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළොව මගේ මේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ…

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ

පොල් කටු හැන්දෙ | Pol Katu Hande by Desmond De Silva

පොල් කටු හැන්දෙ මිට වගේ – රූබර ඇගෙ ආදරේ
ඇය එන්නෙ නෑ අනේ – ඇගෙ භූමිතෙල් මොළේ

ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේ
බෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේ
ලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේ
පුංචි එකා නළවනවා බැහැ කරච්චලේ

බේබි අඬනවා බේබිගෙ මමී රවනවා
බෝයි හඬනවා ගමට යන්න හදනවා
පොඩි එකාව නළවගන්න මෙහෙම හිතනවා
එපා බේබි හඬන්න මම සිංදු කියනවා

ගාළු පාරෙ තාර දාල බසුත් යනවා
ලොරිත් යනවා – ඒ ටැක්සිත් යනවා
ගාළු පාරෙ තාර දාල බයිසිකල් යනවා
අර ඕගොල්ලොත් යනවා – අනේ අපිත් යනවා

මම්ම නෝ පප්ප නෝ | Mamma No Pappa No by Desmond De Silva

මම්ම නෝ පප්ප නෝ – ආප්ප කන්න තුට්ටු නෝ
දෙයියො දුන්න සල්ලි නෝ – ආලෙ බැන්ද නෝන කෝ

ප්‍රේමියේ මේ මගේ – කාසි නෑ මා අතේ
මේ මගෙ බරබාගෙ – දක්කමි හඳපානෙ
යන්නට ගමට අපේ – නැගපන් කරට මගේ
ආදරවන්තියේ මගේ

ආදර සුර මාළිගේ – ඉන්නෙමි මම පාළුවෙ
දහසක් පැතුම් පතා – ළදක් සොයනවා
තනියම වයසට යනවා – දවසක මමත් බඳිනවා
මැණිකක් මටත් ලැබෙනවා

නිදන්නෙ තනි යහනේ – හීන පෙනෙයි රෑ යාමේ
මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා
කුමරි සින්දු කියයි – ඇඳ උඩ ඩාන්ස් කරයි
අයියො මම බිමට වැටෙනවා

මතකයි අම්මේ | Mathakai Amme by Desmond De Silva

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරැවා එය රස කර බිව්වා
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

තුරුලු කරන් මා සැනසුම සෙව්වේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ
දොයිය බබෝ දාෙයි කියමින් මාව නැලෙව්වේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

පුතේ නුඹේ අම්මා කිරට ගියාලු
කිරි මුට්ටිය අැගේ ගඟේ ගියාලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාලු
කට දෙපැතින් කිරි ගලා ගියාලු

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

ලංකා කොල්ලෝ | Lanka Kollo by Desmond De Silva

ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේ
සෙල්ලම් දෙස බලා ඉන්නවා
කප් එක ගන්නේ කව්ද කියා
තව සමහරු ඔට්ටු තියනවා
Bat එක අතට අරන් දෙන්න බැටේ
අපේ කොල්ලෝ පිටියට යනවා
කමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතන
කොතැන ගියත් චියර් කරනවා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

අර්ජුන සනත් මහනාම හලෝ
පිට්ටනියේ රජ වැඩ දෙන්නේ
අපේ අරවින්ද සමග මාලන් සහ
මුරලිදරන් දිනුම ගෙනෙන්නේ
පිටරට සුදු කෙල්ලන් can you play cricket?
කියලා අපෙන් අහන්නේ
බොරුවට yes කියපු ගමන් කරේ
නැගලා කිස් එක දෙන්නේ…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

කලුවගේ හයේ පාර දැකපු ගමන්
ගෑනු ළමයි චියර් කරනවා
පිටරට ක්‍රිකටර්ස්ලත් සැලුට් දමලා
අපේ අයට දැන් සලකනවා
මේ රජ කොල්ලෝ අපේ ලංකාවට
ලෝකෙම කුසලාන ගේනවා
සෙල්ලම් පිටියේ අපිව රජවෙනකොට
ලංකා මෑණිය හිනැහෙනවා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

oh our cricket team මෙන් පිටරට
Is the real pride of lanka
දාලා බයිලා singing and cheering
support කරමු අපේ කොල්ලන්ටා
ජය පැරදුමක් නැතත් එකමුතුකම
තමයි අපේ අරමුණ ලංකා
මේ ගැන සිතන අපට කවදත්
ජය ජයම තමයි මගේ ශ්‍රී ලංකා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

කුරුඳු වත්තේ මනෝරි | Kurundu Watte Manori by Desmond De Silva

බූල් බූල් බලු පැටියා සිඹිනවා
සූප්පුවෙන් කිරි ටික ටික පොවනවා
බැල්කනියේ සැඳෑ සුවය විඳිනවා
අනේ ඔයා බලු සුරතල් බලනවා

කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරි
ලංකාවට ගෙනාපු කුක්කා
කුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරි
හුරතල් කරනවා මම දැක්කා

ඩැඩාගෙ කොම්පැනි හතරක් දිලෙන්නේ
මමාගේ ලොකු වත්තේ පොල් කැඩෙන්නේ
ඔයාට නැහැ කිසි අඩුවක් දැනෙන්නේ
විනෝදයට බලු සුරතල් කරන්නේ

air condition sleeping කාමරේ
නිදාගන්න කොට බලු පැටියා කරේ
බැන්ද දාට තමයි නියම ජරමරේ
බල්ලගේ තැන හස්බන්ඩ් ගන්නවා හුරේ