ලංකා අම්මා | Lanka Amma by Pradeep Rangana & Shanika Madumali

සවනට සිරසේ
පින්බර සුරතින්
සිපගත් දෙරණයි
මගෙ ප්‍රානය ජීවේ

දේශය ලංකා
ඔබ අපගේ අම්මා

දීපය ලංකා ශ්‍රි ලංකා
රන් භූමිය මනරම් ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
අම්මා මා බිහිකල ලංකා

අද දිනනා
අපි එක්වී නොසැලී
ජාතිය ආගම ජය වේ
එක කොඩියක් යට
අපි රජවේ
ඉමු අපි වෙනිවෙන්
ලක් අම්මා

ජයටැඹ විය අප පය තබනා තැන
අයිතිය අප සැමටයි
කලයුතු සැම
අප සතු යුතුකම
කල යුතුමය
වෙනුවෙන් අම්මා

අද දිනනා
අපි එක්වී නොසැලී
ජාතිය ආගම ජය වේ
එක කොඩියක් යට
අපි රජවේ
ඉමු අපි වෙනිවෙන්
ලක් අම්මා

දීපය ලංකා ශ්‍රි ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
රන් භූමිය මනරම් ලංකා
විරුවන් බිහිකල
අම්මා ශ්‍රි ලංකා
මගේ රට මව් රට මගේමයි

කැලතෙයි ලේ බිදු
සිරුරෙම
රට වෙනුවෙන් අපි පෙරටම
කදුලක් නෑ නෙතු කෙලවරට
ආදරේ මගේ ලක් අම්මාට

පලමුව අපි රට ගැන සිතමින්
දෙවනුව අපි අපගැන සිතමින්
තෙවනුව අභිමානය සොයමින්
ඔසවමු අප මව් ලංකා
නිවහල් බව රැකගෙන සැමවිට
පෙන්වමු දේශය ලොවටම
වියතුන්ගේ අනසක පිලිගෙන
එක්වෙමු වෙනුවෙන් ලංකා

ලක් අම්මා
ලක් අම්මා
ලක් අම්මා
ලක් අම්මා

උදුම්බරා | Udumbara by Pradeep Rangana & Shanika Madumali

ආකාසේ වැහි අදුර මකා
දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ
ඇගේ හිත පාට වෙලා
ජීවිතේ මල් ප්‍ර්‍රාර්ථනා
මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු
සතුටේ කිමිදීලා

උදුම්බරා
උදුම්බරා

ජීවිතයේ නොපෙනෙන කඩයිම
ජය ගන්නා අරමුණ නොබියව
පැහැ ගැන්වී ඇත ඇගේ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත පාරක්
ඇගේ ජීවිතයට මල් වැසි වසිනා
තාමත් සමනලියක්
දගකාර යොවුන් විය
රස විදිනා
දිග දෑතක් ඇත සවිමත්
ඒ හදවතින්ම ඔහු දිගු කරනා
මහමෙර වන් ඔහු පැතුමන්
නොසැලේවී

උදුම්බරා
උදුම්බරා
උදුම්බරා
උදුම්බරා

ඇගේ සිහිනය
ජය ලබනා
දින එනතුර සිත සනසා
දරු ස්නේහය හද පුරවා
ඔහු මතකයේ
ඉකි බින්දා
ඇයගෙන් ‍රිසි සෙනෙහෙ පුදන්
ඇයගෙන් ඔහු හට පිදුනා

ඇයගේ ගමන ජයටැඹ හමුවේ
තරු ගමනෙ හා
සුකුමැලි සියුමැලි
ඇයට උරුම හෙට
නවතනු බැහැ කිසිවෙකුටත්
උදුම්බරාවන් ලොවම දිනන දින
තරු බැබලෙයි අහස පුරා

සුකුමැලි සියුමැලි
ඇයට උරුම හෙට
නවතනු බැහැ කිසිවෙකුටත්
උදුම්බරාවන් ලොවම දිනන දින
තරු බැබලෙයි අහස පුරා

ආකාසේ වැහි අදුර මකා
දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ
ඇගේ හිත පාට වෙලා
ජීවිතයේ දිගු ප්‍ර්‍රාර්ථනා
මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු
සතුටේ කිමිදීලා

උදුම්බරා
උදුම්බරා
උදුම්බරා
උදුම්බරා

ජීවිතයේ නොපෙනෙන කඩයිම
ජය ගන්නා අරමුණ නොබියව
පැහැ ගැන්වී ඇත ඇගේ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත පාරක්
ඇගේ ජීවිතයට මල් වැසි වසිනා
තාමත් සමනලියක්
දගකාර යොවුන් විය
රස විදිනා
දිග දෑතක් ඇත සවිමත්
ඒ හදවතින්ම ඔහු දිගු කරනා
මහමෙර වන් ඔහු පැතුමන්
නොසැලේවී