හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේ
සද කැන් නිවාලන්න මේ යාමයේ
ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායලා පාවෙලා ගියා
පිරැණු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු අාදරේ
හදේ ඉන්න හාවියක් වගේ ම හැගෙනවා
නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවා
කියා දුන්න අාදර බර ගීත ගැයෙනවා
නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා
ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ
නුඹෙ ප්‍රේමයේ නමින්
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ…
සුරංගනා කතා කියන සුරන්ගනාවී
නුඹෙ බොලද වදන් සුපෙම්බරාවී
හිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවී
නුඹෙ ලගින් ඉන්න පෙරුම් පුරාවී
ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ…
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ…
written by Janith Iddamalgoda