අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]

පාට පාටින් හැඩ නොදා
කටු පෑන් සලකුණු තබා
තින්ත බොදවුනු පොතේ
හරි වැරදි ගැරහුම් රැසේ
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගස් දෙකක් නොව මහ ගොඩක්
අතර හිරවුනු කිරිලියක්
අහඹුවක් ලෙස මුනගැසී
මමයි හෙලුවේ මුලාවේ…..

අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

ගිම්හානයේ කටු පදුරතේ
පිපුනු කටු මල් අතොරතේ
මලක පෙති වනසන්නෙමී
පිපුනු නිසලව එක්පෙතී..
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…
අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…

හිත් වල කෝ බං ආදරේ | Hith Wala Ko Ban Aadare by Chathuranga Kasthuriarachchi [2018]

රැව්ලක් වැව්වට චේ ග්වේර වගේ
මත් වී හිටියට බොබ් මාලේ වගේ
හිත් වල කෝ බන් ? ආදරේ
රැව්ලක් වැව්වට චේ ග්වේර වගේ
මත් වී හිටියට බොබ් මාලේ වගේ
හිත් වල කෝ බන් ? ආදරේ

වැලන්ටයින් දා රතු මල් දුන්නට
අම්ම තාත්තව මඩමට දැම්මද?
හිත්වල කෝ බන් ? ආදරේ

බැලු බැලු අත අයි ෆෝන් තිබුනට
නූතන ශරීර බ්‍රැන්ඩඩ් ඇන්දට
හිත්වල කෝ බන් ? ආදරේ
හිත්වල කෝ බන් ? ආදරේ
හිත්වල කෝ බන් ? ආදරේ

රැව්ලක් වැව්වට චේ ග්වේර වගේ
මත් වී හිටියට බොබ් මාලේ වගේ
හිත් වල කෝ බන් ? ආදරේ
රැව්ලක් වැව්වට චේ ග්වේර වගේ
මත් වී හිටියට බොබ් මාලේ වගේ
හිත් වල කෝ බන් ? ආදරේ
හිත් වල කෝ බන් ? ආදරේ
හිත් වල කෝ බන් ? ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here