චාරිකාවක් | Charikawak by Mihiran, Dilu Beats, Ramidu & Iman

කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
කිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී

ඉඩම් කඩම් පවුල් උකස් තියලා සූදු අස්සේ
මුළු සේසතම අරගෙන ගෘහ මූලිකයින් බැස්සේ
පාර අයිනෙ දවස ගානෙ දිග පෝලිම් දැක්කේ
තැබෑරුමට පුදපු සල්ලි කාවද බං රැක්කේ

උන් දන්නේ නැහෙන්න
ලෝකෙ හැල්මේ දුවන්න
කාටවත්ම ඕනේ නෑ අද්විතීය වෙන්න අද කාලේ
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්…

සද්දෙට අඩිය තියන්නත් බයයි හිත් පෑරෙයිද
දිලූ අපිට ගෙදර යන්න රෑ වෙයිද
එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්
ඉමා පොඩි ඉඩක් දියං මට
මේක කියන්නම ඕන කතාවක්
ඇමති පුතු ජපානෙ අට පාස් කොල්ලා ලැග්ගෙ ගරාජෙ
වත්කම් දැක්කම දෙකට නැවෙනවා ඔන්නෝකයි තත්වෙ අද සමාජෙ
නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ
උඹට වදන් දෙන්න දාහක් දෙනා ඇති ඒත් අත දෙන්න ඉන්නෙ එකයි
ඌව රැකපං මචං අනුන්ගේ ගෑස් හරි ගණන්
රෑ වැටුණ වලේ දවාලෙත් වැටෙන්නෙපා ගිහින් අහක බලන්

පරම රමණී හේ..
කියාන ආදරේ ළඟදි හේ..
පුතාණො කෙල්ලන්ට නැවෙන නැවිලි දැකලා
අම්මට හිනා ගියේ හේ..
බොරුව දැන් ඇති නේ
බිමට එන්න කල් හරි වගේ
ලෝකෙට පෙන්නන මූණ තරම් කාගෙවත් හිත
සුන්දර නැහැ නේ හේ..

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් //

written by Mihiran

කාලයකට කලින් | Kalayakata Kalin by Ramidu [2024]

කාලයකට කලින් හිත ගාව
නැවතුනු එක රුවක් ඇත තාම
සිර වෙලා – මා නෙත් පාරවා
ඈ ළඟ නැති පෙමක් මට දාව
හිමි නැති උණුහුමක් මම තාම
සොයනවා – ඔව් මා සොයනවා
මට නැති වුණේ මා කෙරේ
බිඳුවක් හෝ ආදරේ නොදුන් ඔයා
නොදොඩාම මගෙ භාරයෙන් නුඹත් මිදී ගියා
මට වගේ නුඹ හට දැනෙන්නට නම් දී නෑ මෙමා
පෙර දාම ඒ හාදකම් අපෙන් ගිලිහී ගියා

සඳ නැති රෑක මං මා කෙරෙන් – නුඹ දුන් හීන මකන්නම්
නිදි නැති රෑම මං පාළුවෙන් – සිතුවිලි අකුරු කරන්නම්
හිනැහෙන වාර දැන් නැති තරම් – අල්ලාගෙන මම ඉන්නම්
නුඹ නැති දාට මං ආදරෙන් – මගෙ හදවත සනසන්නම්

ඈතින් නුඹ ඉඳන් දිලුනාට
මා ඇත්තේ ළඟයි සිතලාම
ළං වුනා – නුඹ ඈතට වුණා
මා අරගෙන දුරක් ආවාට
පාවෙන නැවතුමක් නුඹ තාම
වැරදුනා – මට මඟ වැරදුනා

ඔබ නැති කලේ – ඔබෙ සෙනේ
රහසින් වත් මුලාවේ නොහෙළු මෙමා
මට තාම අදහන්න බෑ එසේ කළා කියා
මතු දිනේ මා වැනි තවකෙකු සොයා ඇදෙයි ඔයා
නුඹ මාව ඒ කිසිම දා සොයන්න නම් එපා

සඳ නැති රෑක මං…

written by Lakshitha Mihiran

මඟ හැරී | Maga Haree by Mihiran [2023]

මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනා
ඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනා
මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
මඳකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්
නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

මටත් හිනැහිලා ඉන්න තිබුනා
මගේ රුව අරන් නුඹට ආදරේ දැනෙන්නට
දුකක් නෑ ඉතුරු වී
නොහැගුනාදෝ මා දුන් සෙනේ
නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

කදුළු මගේ දෑසට නුහුරු වුනත්
නොනැවතී වැටෙන මේ කදුළු නම්
යනෙන මඟ දැනෙන ඇතැම් විලවුම්
සුවද සිහිකරයි මට නුඹව දැන්

අපි දෙතැනක මතක එක තැනක
හිත් උන්මත්තක ඇස් ආගන්තුක
අහිමිව ගිය හේතු නොදැන මම
ස්වභාව දහමට අවනත වෙමි අද

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

written by Mihiran

පිහාටුවක් සේ | Pihatuwak Se by Ramidu [2023]

නුඹ නොඑනවා නම් – මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් – විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්

කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්

අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා //

written by Lakshitha Mihiran

වනපස මලේ | Wanapasa Male by Mihiran [2023]

සැඟවී වනේ පිපිලා උදේ – අවිහිංසකම රහසක් කියා
විඳි වේදනා දෙනෙතින් මුදා – මගෙ ජීවිතේ අලුතෙන් ලියා

හැඟුමන් පවා හිත කිති කවා – සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ – හද සනසනා සුවඳයි ඔයා

දෑසින් ලියූ කවි පද පුරා – බැඳි ආදරේ තේරුණා
ඈතින් ඉඳන් සිහිනෙන් පවා – නුඹෙ ලෝකයේ තනි වුණා
හැඟුමන් පවා හිත කිති කවා – සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ – හද සනසනා සුවඳයි ඔයා

නොගෙවී රැඳී කෝකිල සමේ – නුඹ එනතුරා හිටියා බලා
ඔය නිල් නුවන් මගෙමැයි කියා – මට ඉඟි කළා නුඹෙ නෙත් පවා

පෙරුමන් පුරා හමු වූ මලේ – හද සනසනා සුවඳයි ඔයා
වනපස මලේ මම දන්නවා – නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා – නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ..

written by Umera Pathirana

Shawty by Lakshitha Mihiran [2023]

වශී වී මාගේ නෙතු පියන් – මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන් – සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි – මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක – කල් ගෙවමි ඔබ සමඟින්

මල් සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ
මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ
ඔයාගේ අත ගන්න හීන ගොඩක් හද පතුලේ දිළේ
මල් පිපුණා වගේ මැල වෙන්න ගිය රෝස පැළේ
Shawty මගේ හිත කාන්දමක්
ඇදෙන්නේ ඔයාගේ ළඟට අල්ලගෙන කුරුමානමක්
සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක්
ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක්
මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ
තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ
මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නයි දෙන නදේ (ඇගේ)
අහිතකරයි මට අදි සාන්ද්‍ර මත් පෙති
දැන දැනත් නුඹ අත් හරින්න බැරි හැටි
පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති
පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව Shawty දැන් ඇති

මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර
නොකී ආදරේම ලිව්වෙ මම නුඹේ නමට දාව
සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව
හැදුවෙ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව
මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව
මං මුලාව හොයා ගන්න බැරුව දිශාව
වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව
Shawty අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව
ස්වර්ග මෝක්ෂ සැප සිහි වෙනකොට
ඇගෙ රක්ත තප්ත නෙතු ආවේණිකයි මට
කලාව පුද දෙන්න මං වගේ සිත්තරෙකුට
නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට
නාග කන්‍යාවී මගේ දපනෙ වැටුනා මම
ඔය පින්තාරු කළ රුව සන්ධ්‍යාවකට සම
තණ්හාව ආශාව කැටි කරගෙන
ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම

written by Sandali Pabasara, Lakshitha Mihiran & Rusiru Anuththara

රිදුමන් | Riduman by Mihiran [2023]

මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේ
හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසකද බැඳුනේ ආල කන්‍යාවේ
අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී

Written by Umera Pathirana

සයනට නාවේ | Sayanata Nawe by Isuru Deshan [2022]

කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

Written by Lakshitha Mihiran

සඳ නේන දා | Sanda Nena Da by Lakshitha Mihiran [2022]

තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
කඳුළට හොරා සරනා දිගම්බරේ
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
සංසාර ගානේ ආ චාරිකාවේ
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

මුලාවේ | Mulawe by Lakshitha Mihiran [2021]

ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතීලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමී පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ