කාසි සබන් පෙණ | Kasi Saban Pena by Sarith & Surith

කාසි සබන් පෙණ ලූ
ගෑනු අයිස් කැට ලූ
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ

කෑශ් අතේ නැති ලූ
ක්‍රෑශ් වෙවී යමු ලූ
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්

ආවේ දොදොල් වෙවී අපේ නොනේ
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
දුම්බල බර බලන් නසරානී

ඒ සුන් සුන් සුන් ඒ මචං
ගත්තා සැපක් සිංගල්
ඒ දැන් දැන් කැන්සල් නේ මචං
ගත්ත බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී //

වාසි වෙද්දී හොද ලූ
ආයේ කතා නැති ලූ
පරන කේස් හොය හොය මට නක්කල දාවී

ප්ලීස් පනේ ඇති ලූ
මං කෙරුවේ බොරුලූ
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන්
ගෝරි නේ වයිෆී

මේකප් සැලුන් ඇදුන්
බිල් දේවී
වැහිලා යකා අපේ සීදේවී
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
දත් මිටි කකා එයා ගුටි දේවී

ඒ වින් වින් සිටුවේශන් මචං
උඹයි මමයි සෆරින්
ඒ සොල්ලි වේල ඉල්ල මචං
බැන්ද බෙරේ ගහපං

ඈ කඩාපනී //

written by Tiron Perera

හැඩකාරී | Hadakaari by Nadeemal Perera x Pasan Liyanage [2023]

ස්වේත සිහිනේ සරනා ලියේ
මේ වසන්තේ හිමිකාරියේ
ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ

හැඩකාරී… දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

රූ කැලුම් නෙත රස ගන්වනා
භාග්‍යවන්තී දිව්‍යංගනා
මධු මී බඳුනේ තැවරූ ලවනේ
පහසේ මිහිරී නිම් හිම් නොවුනේ

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා
ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
සුරවමිය ඔබයි ලඳුනේ සැමදා

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හදගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

written by Malini Liyanage

හිතවන්තී | Hithawanthi by Dhyan Hewage & Pasan Liyanage

සිත් මානෙ ගෑවී ඇවිත්
මල් යාය පාවී ගිහින්
බොඳ වීද ඒ රූ සොවින්
මත් වීද ඒ පෙම් බිඟුන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

කිරිකෝඩු හීනේ ලඟින්
සැතපෙන්න රහසේ හෙමින්
සැනසෙන්න ආයේ ඉතින්
නුඹ ඉන්නවාදෝ කියන්

නීල නෙතු මානේ සිනා පෑ ලවන්..

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

තාම ඒ සඳ නොබිඳී
ලඟ පාත ඉඳ තනි රකිමී
තුන් යාමයේ නිදි වරමී නුඹ හා

නීල නෙතු මානේ සිනා පෑ ලවන්…

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී

written by Dhyan Hewage

මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා

written by Nisal Gamage

පද්දපං | Paddapan by DK ft. Pasan Liyanage, Lucky & Shan Putha

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි…

අපිට නක්කලේ වාවාන්නෑ ඕයි
අපිට නක්කලේ වාවාන්නෑ ඕයි

Lets Go Putha
කප්පරකට පැතුදේවල්
සොක්කරලා ගැටගැහුවා…
Lock කරල හීන අපි
දොස්තරලා යට ගැහුවා…
Diss කරල අපරාදේ Miss කරලා කට වැහුවා…
ජැක් කරල සෙල්ලමේ වැඩදාපු අඩිකෝඩේ…

සද්දෙට දාගෙන සැප සිංදු
වොකි ටෝකි Conversation
අදහන්නේ දැඩිමුණ්ඩ
Rap තේරෙන්නෑ මළවුන්ට
ආලෝ නීලෝ , ඒලෝ මේලෝ
ඔන්න මෙන්න සිහි එන්න..
හෙට මැරුණත් ලිලි පුට්ටු සැප දාන ගිහියන්ට..

මොනාද අලුත් Updates…?
ගිහිල්ලා තියෙන්නෙ ක්ලච් ප්ලේට්

කාලද ඉන්නෙ මුත්තේ…?
ඔව් කාලා ආවෙ පුතේ….

හිරි ඇරල ගන්නයි ආවෙ පණගහලා..
Romba nalla සිංදු මේවා වටේ යවපං තුන ගහලා.. තුනගහලා… තුනගහල….!! තුනගහල….!!

මේඝනා | Meghana by Raween Kanishka ft. Pasan Liyanage [2022]

තරු පොකුරු පිපෙන
රෑ අහසේ සදක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොලු වෙලා

පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සද කිනිති වසා

ඈ අන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මල් මකරන්දේ සුවද ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

துப்புரேன் | Thuppuran by DK ft. Pasan Liyanage, Abu Karim, Lucky

ආයුබෝවන්

we would like to introduce

one of the strangest songs
ever made in Sri Lanka and it is called – olley holla

uruku poanalum thuppuran
kutali wanthalum thuppuran
nallathu sonnalum thuppuran
tiktok potalum thuppuran

aasami eduku nondi than paakuringa
kannala paakatha da pesuringa
kuthi kuthi thaney panuringa මම
theva illatha settai! kelley!!!

uruku poanalum thuppuran
uutanda vanthalum thuppuran
tiktok potalum thuppuran
thakkali vithalum thuppuran
thuppuran thuppuran thuppuran
vaiya kaluvama thuppuran
thuppuran thuppuran thuppuran
kaari kaari kaari thuppuran

sen thamizhil parainthalum
kevalamai ennai thuppugiran
sen thamizhil
parainthalum illathiley irunthalum
naadodi enna thuppugiran
thuppugiran, thuppigiran
naadodi enna thuppugiran

කෙල්ලේ මගේ ලග නටපං
දග දාලා ඇග දැං
මං ලග තියනව සැප හෙයි
එනවද නලවන්න රෑම
එන්නෙපා මට කියාගෙන පල් හෑලි
podatha thappu kanaku katha gaali
මම ඉන්නේ මට ඕනෙ විදිහට ඩාලිං

enada odatha tha the tha they!

uruku poanalum thuppuran
uutanda vanthalum
thuppuran
tiktok potalum thuppuran
thakkali vithalum thuppuran
thuppuran thuppuran thuppuran
vaiya kaluvama thuppuran
thuppuran thuppuran thuppuran
kaari kaari kaari thuppuran

අනේ මගේ මැණිකේ
එන්නකො හනිකේ
අපි යමු රට වටේ
ජෝඩු දාලා ටුක් එකෙ
ඔයාගෙ ඔය ලූක් එක ඇතුලේ
මම ශොක් උනේ
මට ඉවසන්න බැරුව මත් උනෙ
අනේ මගේ චූටි
වෙනවද නෝටි
අපි අද හවසට බොනවද ප්ලේන් ටි
මං ලග තියෙනවා උපරිම සේෆ්ටී
අනේ ඔය බහ දෙනවද මට චූටි

sen thamizhil parainthalum
kevalamai ennai thuppugiran
sen thamizhil
parainthalum illathiley irunthalum
naadodi enna thuppugiran
thuppugiran, thuppigiran
naadodi enna thuppugiran

පහසේ | Pahase by Hirushi ft. Pasan Liyanage & DK [2022]

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

නුබේ උනුහුම ලග දැවටෙමි මම
ආලයෙන් අන්ද උනේ මම නොදැනිම
හිතාගන්න බැරි තරම් බැදි ප්‍රෙමෙට
ලොකයක් හරස් උනේ අපේ ආලේට

රාත්‍රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද
ඉවසුම් නෑ මට හැම හැම දවසෙම
නුබ හා මා එක් වෙන දවසක්
ගැන සිහින මවන්නේ නිරතුරුවම
මම අදුරුකුටිය තුල සිරවුනේ
පැතුමන් ගුලිකරන් අද හදවතේ
එලිය දකින්නට වඩා මම ප්‍රියකලේ නුබව දකින්නයි හැම තප්පරේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

Pen Aadi, Un Naadi
Thalladi Thudikudu Aadi
Penjaathi Thindaadi
Allaipayuthu Mannam Ingu unnai Naadi

කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි
ගම වට නටමුද අපි කතකලි
සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි
එනවද අනිකට බදිමුකෝ තාලී

Thadduki Vizhunthu Thadumaari Thavi Enathu Vazhiyil Maati
Sirru Thulli Ada Sirru Valli En Kavithai Munnaiyul Maati
Kan Adicha, Kai Pudicha, Marru Uyir Thanthu Nee Thaddam Pathicha

සිහිලැල් වු මැදියම් යාමේ ප්‍රේමෙන් මත්වි
උන්මාදයෙන් මා ලං වූයේ
සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ
මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

වෛවර්ණ නාරි | Waiwarna Naari by Chethana Ranasinghe ft. Pasan

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා

දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
ගගනේ තරු ඔච්චම් කෙරුවේ මා ඉඟි බලාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සඳරෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
පවන පිනි සිහිලැල් කෙරුණේ මා පෙම අසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සයනේ | Sayane by Hirushi ft. Pasan Liyanage [2021]

නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

නොයිදුල් සිතුවිලි
තවමත් ඉදහිට යනෙනවා
ආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා

හද ආයෙත් ගත නොවන
වග දෑස සායම් කලා
මදු තිර අතරේ මියැදුනු මා
නොදැනීම මිහිදන් වෙලා

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ

මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදුනේ
අවසානයේ මදු සයනයේ රළුවුනේ