නොඑනා දුරක | Noena Duraka by Sasanka Rajasekara [2018]

මනසෙ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියෙ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

තවමත් රූපෙ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ හීනයේ තියා
වාසනාව මා වෙතින් පාවෙලා ගියා

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ
මම දුක් විඳිනවා
සාගරේක වේදනා රංචුවක් මෙදා
හීසරේක වේගයෙන් ආවා මා කරා

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

මනසෙ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියෙ මා
තරහක් නෑ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා