කාකි වහළුනි | Kaki Wahaluni by Sadara Bandara [2022]

කපා ඇති බැව් දැන දැනත් උන්
පරපුරක ඉගිළෙන තටූ
තරු හිඟා කන කාකි වහළුනි
රසද එතරම් මස් කටූ

රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූ
තරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස් කටූ

හිතට එකඟව හැකිද කියපන් රකින්නට තව රජ පුටූ
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

කෙළෙසනා’යුරු දැක දැකත් උන්
නීතියේ දෙවඟන ගරූ
පපුව මැද්දට කුමට වහළුනි
රතු ලෙයින් නෑවුනු තරූ

රතු ලෙයින්, රතු ලෙයින්, රතු ලෙයින් නෑවුනු තරූ
පපුව මැද්දට කුමට වහළුනි රතු ලෙයින් නෑවුනු තරූ

හොරුන් අභියස නමන්නේ තොපි යුක්තියට නොනැමෙන කොඳු
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

ජනතා යුගයක් | Janatha Yugayak by Sadara Bandara [2022]

ජනතා පැතුමන් අවතැන් වෙලා
හොරකම් මැරකම් ඇත රජ වෙලා
ඉවසා සිටියා ඇති බල බලා
ජනතා යුගයක් අරඹමු වහා

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

සොල්දාදුවනේ අපි එක්වෙලා
යමු දුෂිතයන් දැන් හඹ හඹා
අලුත් රටක් ශ්‍රී ලංකා කියා
වරෙව් හදන්නට අදුරේ නොයා

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

හොරා කාපු චෞර හැත්ත බෙල්ල ළඟින් අල්ල ගන්න
දියවන්නා ඔයේ ඔබා කුණු කූඩෙට දාල එන්න

සාරෙ උරා හපකර ගිය මේ මව්බිම බේර ගන්න
යෝධ බැලැති වීර පුතුනි යදම් කඩා පෙරට එන්න

ලේ තැවරුණ දෑත් වලින් කඳුළු ගෑස් ඉල්ල ගන්න
වරෙව් යමව් හොරුන් රකින මේ බංකර බිඳ හෙලන්න

එපා එපා කෑලි කඩා මේ මවුබිම විකුණ ගන්න
හිඟා කන්න නොවේ අපට ඉඩක් දියව් හුස්ම ගන්න

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

සේපාලී | Sepali by Sadara Bandara [2022]

ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ
ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ
උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ
විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ

තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය
පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය
දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය
නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය

දුංකොළ කපා වේලා දහවල අව්වේ
පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ
මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ
පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ

හංගාගෙන වගේ පියයුරුවල සිරිය
තිබුණා උපන් ලපයක් හරියට හරිය
දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය
කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය

යාමේ | Yame by Sadara Bandara [2021]

යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

ඈත අහසෙ දුර ඉඳලම
මොහොත මොහොත ගත කරගෙන
කරබාගෙන බිමට වැටෙනවා

යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

අහසෙ තියෙන පිනි බිඳුවට
මොනවා මොනවා වෙනවා ඇද්ද
පොළොවෙ ඉන්න අපිත් හොයනවා

යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

බුත්තල නත්තල | Buththala Naththala by Sadara Bandara [2020]

ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන
ඌවේ දෙසැම්බරේ..
සඳ එළියේ කුරගාමින් ඇදෙනා
ජුසේගේ ට්‍රැක්ටරේ
තිත්ත රසට උස ගිය මස් ගස් ඇති
උක් දඬු වනන්තරේ
නත්තල මැද්දේ බුත්තල ඉපදුණු
ජේසුගේ කතන්දරේ..

කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා
එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා
තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා
බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා..

ගව මඩුවේ ඉපදුනත්
රජ මැදුරේ ඉපදුනත්
ගොයම් යායේ ඉලුක් ගාලේ
වනන්තරේ ඉපදුනත්
මේ ලෝකෙට ඉපදෙන්නේ
දෙවියන්ගේ දේව පුතෙක්

හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්
හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්
හැම මොහොතම නත්තලක්
හැම දිවියම ගවලෙනක්

Voyage (මුහුදු ගමන) by Sadara Bandara [2020]

රෑ අහසේ තරු දිළෙද්දී
සීත සුළං රැල් ගත දැවටෙයි
සැඩ පහරට නැව ගැස්සෙද්දී
සුසිනිඳු පහසක අඩුව දැනෙයි
මධු බඳුන් ඈ ගෙන එද්දී
ඉන් මගේ උමතු දුරුවී
මධු විතින් ගත නැළවෙද්දී
මා වැළඳගන්න සොඳුරී

නෙත් කොනින් ඉඟි කරයි ඈ
රත් තොල් වලින් බිඟි කරයි
ලැසි ගමනෙදි බඳ සලයි ඈ
රෑ යහනට ඇරයුම් කරයි

ඇගෙ පහසින් ගත ගිනිගද්දී
තව කුමට මට රන් රිදී
මැරුණාවේ මා මැරුණාවේ
ඇගෙ ළමැදෙ හුස්ම හිරවී

පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා
අර වෙරළ බලා

අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

මධු විතින් ගත නැළවෙද්දී
මා වැළඳගන්න සොඳුරී

මැරුණාවේ මා මැරුණාවේ
ඇගෙ ළමැදෙ හුස්ම හිරවී

පැදපල්ලා පැදපල්ලා පැදපල්ලා
අර වෙරළ බලා

අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

ඕඕඕ වෙරළ බලා
අපි එනවා අපි එනවා අපි එනවා කෙල්ලො සොයා

අමුඩ සෙල්ලම | Amuda Sellama by Sadara Bandara [2020]

ප්‍රවේණිය යැයි කිව හැකි
යට ඇඳුම් කොට යුගලකි
නීල සහ කොළ වර්ණැති
මාරු කර කර ඇන්දැකී
නාසයට කර ඉම්බැකී
අඩු ම ගඳ එක ඇන්දැකී
යලිත් පසුදා ඉම්බැකී
අනිත් එක ගෙන ඇන්දැකී…

අපිට පමණක් උරුමැතී…
මෙවන් ඇඳුමක් අරුමැතී
වෙනස් නොකලොත් ළඟ ඇතී
සියළු දෑ කුණු වී යතී…

නොපිට පෙරළා බැලුවැකී
කිළිටි අඩු එක ඇන්දැකී
නොපිට ඉබලා බැලුවැකී
ගඳින් අඩු එක ඇන්දැකී
දිනෙන් දින තව ගත වෙතී
එයින් දුගඳ ම නික්මෙතී
අඩු දුඟද ඇඟලා ගතී
එයින් සතුටින් ඉපිලෙතී

අපිට පමණක් උරුමැතී…
මෙවන් ඇඳුමක් අරුමැතී
වෙනස් නොකලොත් ළඟ ඇතී
සියළු දෑ කුණු වී යතී…

පොඩ්ඩියේ | Poddiye by Sadara Bandara [2018]

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා – වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා – වැඳපන් අම්මාට..

ප්‍රේමය නම් ආගම | Premaya Nam Agama by Sadara Bandara [2019]

වෙඩි බෙහෙත් අහිංසකයි

ජිනදාස
කොල්ලෝ ඔයා සිංහලේ ගියා ද?
ලැජ්ජයි
ජේසු දාස
අයියො ඔයා දැන් දාසයෙක් වෙලා ද?
ලැජ්ජයි
හසන් රාසා
දෙයියනේ ඔයා ජිහාඩ් කඩුව හලාල් කෙරුව ද?

ඔයාලට දැන් සනීප ද?

ගිනි ගත්ත
දේව මැදුරේ
රතු ලේ විලක් මැද
පොඩි දුවක්
වැටිලා හිටියා
ඇස් දෙක පියාගෙන

පුපුර වන්න
ලොවෙත් බැරි එක
ප්‍රේමය නම් ආගම
ඔයාලා දැක්ක ද
පොඩි එකාගේ
කිරි දත් සෙට් එක

රෝස නිම්නය පෙනි පෙනී
සමනලුන්ට වෙඩි වදී
පෑදි දියමත පා වෙවී
ස්වර්ගයට යයි මලමිනී

අල්ලාහ් නැවත එන්න
ජේසුනී නැවත එන්න
මිනිසුන්ට කියල දෙන්න
ප්‍රේමය නම් ආගම

පිරිත් පැන් බීලයි
සුදු මකරු
ගිනි පිඹින්නේ
කුරුස දලු දාලයි
බයිබලේ
ටිකෙන් ටික වැහෙන්න
අබායාවක් මැද
පලුවකි මැදෙන්නේ

කවුද හත් දෙයියනේ
ස්වර්ගෙට යන
හරිමා පාර කියන්නේ

රාසා රාසා
මැරෙනවානම්
අපි මැරෙමු මචං පුපුරන්
වෙඩි නූල ගෙනත්
මගෙ පපුවේ හරි මැදම බැදපං
පුපුරනා දේ
අපේ ලෝකෙට මවපු කෙනා හොයපං

වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්
වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්
වෙඩි බෙහෙත් අහින්සකයි
දරුණුයි අපේ ආගම්

රෝස නිම්නය පෙනි පෙනී
සමනලුන්ට වෙඩි වදී
පෑදි දියමත පා වෙවී
ස්වර්ගයට යයි මලමිනී

අල්ලාහ් නැවත එන්න
ජේසුනී නැවත එන්න
මිනිසුන්ට කියල දෙන්න
ප්‍රේමය නම් ආගම