සිනිදු ඔය සුදු අත | Sinidu Oya Sudu Atha by Dileepa Saranga [2021]

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

හීන ගේන ආදරී
පාළු නෑනේ මේ රැයේ
ඔය දෙතොල් කියයි ආදරේ කියා

සුරගනාවියක් වගේ
නිල් නෙතේ හැගුම් මැවේ
හදවිලේ මගේ පිපෙන්න ඔයා

ඔය නෙතු අගින් මට ඉගි කරලා
පවසන්න ආදරේ නේද කියලා
හැමභවේ ආයෙත් නුඹේ වීලා
ඉන්න ආසයි මට ලං වීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ