වැහි වැටිලා | Wahi Watila by Damith Asanka

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

තව හිතකට ලං උනාද ලං කළාද
පාළු දැනෙන විට විතරක් අඬනවාද
මාව මතක් වෙන්නේ නැතිව ඉන්නවද

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න
උර හිස්සට හිස තියාන හිනා වෙන්න
ඔයා නෑනෙ අද මා ලඟ මං තනියෙන්ම

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

written by Dulmini Maheshi

damith asanka,damith asanka songs,new damith asanka song,best damith asanka song,damith asanka song collection

සොරබොර වැව | Sorabora Wawa by Damith Asanka

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දර
නුඹ නෙලන්න දියට බහිනවා
දිය ගැඹුරුයි කියාපන් මඩ බොහෝමැයි කියාපන්
ඔහොම බලා ඉද්දි හිත පුකුරු ගහනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

දඹ රන් ගෑ අරුමෝසම් හැඩ පිත්තල පාකුඩම්
අව්වට ඇස් නිලා කරනවා දුනු දිය අහසට විදින්න
වටු රෑනට හී විදින්න වාන් දමන හිත යට
දිය සුලි කැරකෙනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

සුසුමට කන් දී | Susumata Kan Dee by Damith Asanka

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

දාහක් ගතු නොකීවාට
කතා කරන ඇස්දෙක ඇති
එක හුස්මට නුඹ කියවමි
අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

තාමත් සිත නොසොල්වාම
හසරැල්ලෙන් ගොතයි හීන
හිත හයියයි මට වැඩියෙන්
සැක නෑ ඒක – හිත හැමදාම

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

සුදු ගවුමේ | Sudu Gawume by Damith Asanka

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හිතේ තියන් සඟව ගන්නෙපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
අපිට හොරෙන් අරන් යන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

සිතුවිලි උයනම | Sithuwili Uyanama by Damith Asanka

සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා

සිතුවිලි උයනම පාළු කළා  

ඔබ සෙනෙහස් මල් නෙලලා 

වරදක් නොකියාම සමුගෙන  

යනවාද කඳුලක් මට දීලා….//) 

(කැටයම් කළ සිහිනෙක හිත රඳවා 

සුවඳක් සේ ඇවිදින්….//) 

සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට 

ඔබ යනවා විගසින්….. 

සිතුවිලි උයනම…… 

(බිඳුණා නම් සිත මා කළ දේකින් 

නිවැරදි කරගන්නම්…//) 

නොකියාම ගියෝතින් වරදක් වී නම් 

කුමක් සිතන්නද මං… 

සිතුවිලි උයනම……

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

තරු වෙරලේ | Tharu Werale by Damith Asanka

තරු වෙරලේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔබ දෑස වගේ

තරු වෙරලේ
මල් පිපිලා ඇස්
මගෙ ලඟ ඉදන්
තරු වෙරලේ

වැහිදාට දේදුන්න | Wahidata Dedunna by Damith Asanka

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

සුමුදු පෙම් මල් නෙලා
රුසිරු සිත සරසලා
රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා
කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා
සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා
ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා
පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා
සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

වේදනාවේ කඳුළු | Wedanawe Kandulu by Damith Asanka

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

අපේ හදවත් තැනූ ලෝකයෙ
සිහින බොඳ වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට
අඳුරෙ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට
ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා
ඔබෙන් වෙන්වුනා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

මගේ ජීවයෙ පියුම වූ ඔබ
දෙගුරුන් වෙන්කලා
ඔබ නොමැති මේ මගේ ජීවය
මළ රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ
අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා
අඳුරෙ සැඟව ගියා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

වෙන් වී යන්නට | Wen Wee Yannata by Damith Asanka

වෙන් වී යන්නට පළමුව හිතමුද
පෙම් කළ ලස්සන පෙම් ලෝකේ
සුන්දර හිත උඩු හුළඟේ ගියා අද
ගින්දර දීලා හිතට මගේ
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

සාරි ඔසරි මුතු මාල වළලු ගෙන
තෑගි බෝග දුන්නා රුසිරූ
දෝසි ලොසින්ජර ඒ කවුළු පත්
ගෙනල්ලා දුන්නා රස පිරුණු
මොනවද මං කළ අඩුපාඩු
තවත් හිතක තනලා කූඩු

පිහින පිහින සංසාර සාගරේ
යන විට හමුවුණු සිතක ඇති
දීන හීනයක පරවුණු කුසුමක
සුවඳ ඉරුවේ මං දපනේ වැටී
දෙපැත්තකින් ලැබුණම හාදු
සෙනෙහස වෙනවලු කප්පාදු

වෙන් වී යන්නට
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

වෙන් වෙන්න | Wen Wenna by Damith Asanka

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

කඳුළු විඳ ගන්න
හැකිය මගේ නෙතට
අපේ ආදරේ වෙනුවෙන්
කඳුළු නොසලන්න

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

ඉතින් කවදාවත්
නොවේ හමුවීමක්
අපේ ආදරේ හරියට
රේල් පීලි දෙකක්

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life