කඩියෝ ඩියෝ | Kadiyo Diyo by Nalin Perera [2023]

කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

එල්ලං මුණ මොකෝ – හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි – අබු නානගෙ වටලප්පන්
ඉල්ලං ගේමට රෙඩි – හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු – මම කිං නුඹ මට සෙට් නං

කඩියෝ ඩියෝ ඩියෝ

ලැවිනිය බීච් එකේ – හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත් – එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු – හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික් රෙගේ – බයිලෙ දමා හොඳට නටං

කඩියෝ ඩියෝ ඩියෝ …

written by Athula Kaldemulla