අබලන් | Abalan by Chubby ft. Breezy, D Rulz [2022]

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි
තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි
අපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින්
සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින්

හතර වටේ විදි මුල්ලේ දිව්ව මාර ගති
නතර වෙද්දි කොල්ලා දැක්ක පාර ගති පාර ගති
පිටියෙ බැස්සම පිත්තෙන් දාර හයේ පාර වදි
මාව දවා ගන්න උබේ බොලේ සැර තම මදි

ඉතින් බන් එද්දිම රගපාන්
ලගට ඇවිත් ටොක්කක් දුන්නොත් උබ අඩපාන්
උබත් බැට්මන් නම් මන්එන්නේ දගදාන්
එද්දි උබ දෙක තුන වෙද්දි එකමාන්

මේ සෙල්ලමේ ගොඩක් උඩ පනින ජාන කවලම්
එකා එකා නිසා ජිවිතේ වින්දා මන් අවලන්
මේ ජිවන නදියෙන් ගොඩ යන්න ගත්ත හබලක්
මේ පීඩිත පන්තියේ හිස් මොල ටික අබලන්

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

ඔය කාගේ කාගෙත්
ඇගේ ඔළු තිබ්බේ බෙල්ලේ පාලුවට
දැම්මේ දැල දගලද්දි පැටලෙන්න මාළුවට
දෙන්නෑ ඉඩක් නලුවට
වෙන්න ආස හතුරට
දීලා බලන් ඉන්නෑ ලැම්බා හැමදේම කාලයට

වෙද්දි මම පරල දිව්වා තොපි තරඟ
ලග ඉදන් නටන්න එපා වලිග පටුන
වගේ කට කතුර
චබී ලග ඩෝ යතුර
රංචුව කඩන් එද්දි වෙන්නේ කාගෙත් ලේ වතුර

රට වටේ කල්ලි පිටින් නරි ගොඩක් රඟන්නේ බන්
එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්නේ
මං හිනාවෙලයි මැරෙන්නේ තෝ බයේ පණ අදින්නේ
යදින්නේ වදින්නේ නෑ ඩෝ
මාරයා ආවත් රඟන්නේ මං ශුවර් නැති රටේ
කැරකෙද්දි කාසි අතේ යාළුවෝ ඉන්නේ වට
නෑයෝ කර වටේ හිදුනම අතේ සතේ
අම්මා තමයි පුතේ කියලා
බත් කටක් කැව්වම තේරෙයි බොට අගේ

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

නූරි | Noori by Vishu Ms ft. D Rulz & Bobby Ky [2021]

දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි
රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී
තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී
නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි

මතකය දැන්නම් දුවනවා ඔබහට තාමත් අද ලංවෙලා
අපෙ ආදර කතාව හිත්ගත් නෑ අද මාවත් තාමත් මත්වෙලා
නැවතිල්ලක් නෑ මේ ලෝකෙන් ඔබ අද මාගෙන් ආලෙන් වෙන්වෙලා
ගැලපිල්ලක් නෑ අපෙ ආදරේ කවදාවත් දැන් නම් අද නැවතිලා

දෙන්නගෙ ආදරේ මතකේ හැමදාමත් පවතිනවා
මේ හිමි නැති ලෝකේ මතකයන් වපුරනවා
දිවයනවා අතීතේට කතාවෙන් අදුරනවා
අපෙ ආදරේ ගැන නූරියේ මගේ අතිතෙන් අමතනවා

පාවි මතකෙන් ඈතට යනවා ඔයා
ආදරේ කලා අඩවන් මගේ නූරිහ් බබා
කෙල්ලෙ නෑ අමතක නෑ මට මවපු කෙනා
රැන්දුනෙ නුඹෙ සුවදයි දැල්වුනු ගොතපු කතා

කිරිල්ලියේ සුරංගනාවිය කෝ මගෙ ලෝකෙට දුන්න
ඉගිල්ලුනේ කාටත් හොරා නොකියාම
නුඹ යන්න
මතකය අතරින් තාමත් හදවත ගැහෙනවා රැව් දෙන මතකය ගන්න
හොයනවා නූරියේ කොහෙද මගේ අදුරේ පතුලේ අද ලෝකෙට ගන්න

ඈත ඉමේ පාලුව වී ඇයි නුබ දුර යන්නේ
තනියම මා ඇයි නොපෙනෙන්නේ මන්දාකිනියේ
නුබෙ දෙනුවන මා මතකන් නෑ ගිලිහෙන්නේ
දුර ගියේ ඇයි නුබමයි තාමත් මගෙ සිත විමසන්නේ

උබ ලග තියන් බාර හාර වෙද්දි මාර මාර සිද්දි හිතින් මාරු වෙ
මගේ ආදරේ හාර හාර එද්දි පාර පාර හිත යටින් වාරු වේ
අපේ හීන ලෝක පාට පාට වෙද්දි කාට කාට උනත් ඉතින් පාඩුවේ
ඉන්න බැරි නිසයි එහෙම උන්ට මම පාර වහල අද ඉන්නේ පාලුවෙ

අද හොයනවා හිස්තැන් ජිවිතේ අපෙ ආදරේ එක තැන හිතින් වැලලුවා
අද දිය පාර සැර උනත් කාලයක් ඔය මුහුදම මම එක අතින් කැලතුවා
එදා ඔරු පාරු යන්න බැරි උනත් අද අනවසරෙන් උනත් නැව් පිටින් ගිල්ලුවා
මතකද එදා මිල මුදල් නැති උනත් කොලු පැටියෙක් උබෙන් ආදරේ ඉල්ලුවා

මේ කතාව ලස්සනයි කිව්ව අය පස්සටත් ගිහින් නැවතුනා නේද එතනම
අපේ ආදරේ අත්සනයි නැති උනේ ඒක නිසා තනිවෙලා අද ඉන්නේ දෙතනම
මගේ හිතේ මගේ තනිකම කතා කරා ඇවිත් අසුන් ගන්න මගෙ තනියට මෙතනට
අද මතකයන් මතක් වෙද්දි අමතක කරගන්න බැරි නිසා කදුලැලි දෙනෙතට

මිරිගුවක් පස්සෙ දුවන් ගියා හුලං ගියා වගෙ දැනුනෙ නෑ මගෙ කකුල් දෙක රෝදේ
ඉතිරුවත් කිරි කිරි මුහුද නෙමෙයි ගොලු මුහුද වගෙ හැමදේම උනා අවබෝදේ
මගෙ ලෝකෙන් ගියත් කාගෙ උනත් නුඹ ගැන හැමදාම වගේ මගේ හිතේ නෑ ක්‍රෝදේ
කලගුන නැතත් කලහොද මතක් කරන් ලෝකේ මගේ තනිකම අද වෙලා රෝගේ

දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි
රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී
තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී
නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි

පිපුණාද දුර ඈත | Pipunada Dura Atha by Bobby KY ft. D Rulz [2021]

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි

එක හිතයි තිබ්බේ
තිතක් තියන් නුඹත් ගියා
මතක් කරගන්න බැරි හීන ලග නුඹත් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරත් තියා
ඔබේ මගේ ඈතින්ම
දුරක් ගියේ දුකක් තියා

මේ ආදරේ වේදනාව ඔහොම නම්
කියාගන්න බැරි දේවල්
ලියාගන්නේ කොහොම මං

දුන්නු පෙම්බස් පරදා ඉන්නේ කොහොම මං
සංසාරේ අපේ දයිවේ නවතින්නේ නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනා වින්දේ මං
නුඹ නැතිව ජීවිතේ වේදනාවක්
වින්දේ මං

සොයා එන්නංකෝ
ලෝකතලේ කිමිද මං
හිස හැරුනු අතේ බලං ගියේ විවිද මං
නුඹයි මගේ ජීවිතේ
තියෙන්නේ එපමණයි
මලත් මතකයි හැගීම්
වපුරන්නේ එතනමයි

මියගියේ නුබ නෙවෙයි මගේ හදවතයි
මරු දිවිකතරක ගෙවී යන්නේ අසරණයි

අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගේ මේ පපුව
හොයනවා නුඹේ රන් සලුව

රූසිරි වරුණා
රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත්
නුඹේ තුරුලේ
ආයේත් නම් නෑ නුඹ එන්නේ

ඔයත් එක්ක මම ගොඩ දුර පහුකලා
කොහෙද ඔයා හොයනවා
මම අද තනිවෙලා
අපි දෙන්නාගේ කතාව නිමවෙලා
හිනැහිලා ඉන්නේ ඔයා
ගොඩක් තරු පිරිවරන්

ඔයා එක්ක මම මවපු ලොකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපේ මතක මට කදුලක් ගේන
පියඹලා එන්න මට ඇතිවෙලා මේක
තනිවෙලාම ඉන්නම්
උඹ දිහා බලං දුක් වෙන්නම්

අල්ලගනිද්දී ආයෙත් යයි නම්
කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි