සසර පව් බර වැඩී
නෑර අත මා වෙලී
ගොම්මනේ නුඹ හිඳී
විශඝෝර බැල්මෙනී
නිවුනු දරු දුක් ගිනී
ඝරසර්ප කුමරුනී
කලු වළා ගැබ අරක් අරගෙන
රිද්දි යකිනිය ගින්න සදමින
නොඉඳුල්ම කපු සලුව තෙමමින
හදක් කෑවා
දොලතටුව පුදමින
හිමි වල්ලභට මා එපා වී ඇති
ස්ත්‍රි දේහෙන් දැන් පලක් නැති
මල් මඩුව සුනු විසුනු වී ඇති
කලු කුමර ආලෙන් වෙලා ඇති
පතිනි මෑණිට වැලි ගසා
කුමර සමයම වින කලා
කලු කුමර මයෙ කුස අරා
ගොම්මනේ එබිකම් කලා
written by Ruchi Nethma Abeywarne