වෛවර්ණ නාරි | Waiwarna Naari by Chethana Ranasinghe ft. Pasan

සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා

දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
ගගනේ තරු ඔච්චම් කෙරුවේ මා ඉඟි බලාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

සඳරෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
පවන පිනි සිහිලැල් කෙරුණේ මා පෙම අසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ

මතකේ තුරුල්ලේ | Mathake Thurulle by Chethana Ranasinghe [2012]

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්

නුඹෙ සොදුරු නෙත් තුඩින්
සිත්තම් කම මා අහසේ
මට තාම මතකයි
පාට ගෑවා දේදුන්නේ

නුඹේ ලයට තුරුල් වී මට
ඉන්න ඇත්නම් ජීවිතේ

මුළු ලොවම හැරදමා ඉදින්නම්
ඔබ එනකම්

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්

සුළගක් ව ඇවිදින්
මා සිහිනයේ ඔබ දැවටුනා

වළාවක සැගවිලා
ඇයි ඈතර පාවුනේ

මල් නොදුටු වසන්තේ
නුඹට අඩගසයි සොදුරේ

නුඹ දුන්නු මතකයේ රැදෙන්නම්
ඔබ එනකම්

අළුපාර සිහිනයයි මේ
බොදවී පෙනෙන්නේ
සෙනෙහින් හොරැහින් අඩ ගසන්නේ
හීලෑ නොවන්
සැගවී මැවේ ඔබේ චායා

මතකේ තුරුල්ලේ
දුර ඈත රහසේ

සැගවී තිබූ
පෙම් කතාවක්

කාලෙකට පස්සේ
නෙත් ගැටුනු පහසේ

සැගවී නිවේ
තව වතාවක්