ආදරේ | Adare by Thisara Weerasinghe [2023]

ඇසේ දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා
හිතේ තෙරපෙන දහක් සිතිවිලි
කියාලන්නට හිතෙනවා
ඔහේ පාවුනු ජීවිතේ දැන්
මගේමයි මට හැඟෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
මගෙන් මං ගැන අහනවා

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

written by Rushan Nishantha Silva

හිනැහෙන්නා | Hinahenna by Thisara Weerasinghe [2022]

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලා
එරෙන්න වැව් දියකඳ මදි හාංඳා
තුරුලට වරේන් මයේ පුතේ
කොහොමැයි මාං ඉවසන්නේ

මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේ
නුඹේ රුව පහව නෙතින් නොම යන්නේ
කිරිකැටි හිනාවක් නුඹේ
කොහොමැයි මාං දැකගන්නේ

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

written by Thisara Weerasinghe

thisara weerasinghe songs,ansathu oba thisara weerasinghe,asammatha pemak,ansathu oba wetha,ansathu oba lyrics,raththarane part two,sri lankan sinhala song 2021,nerun kalpajith,nadagamkarayo sanwardana miss,sammathayen pita,romantic love seen,jaan,song,kithula thanamalvila,sinhala songs,sinhala sindu,single take music video,lahiru de costa,soya yanne eliya aduraka,new song,ansathu oba wetha mage hitha bandila,sri lanka,ansathu oba

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරෙ

රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරෙ

රෝස කුමරියෙ මගෙ හීනෙ
ඔබ තනිකර මා යන තීරෙ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලෙ

දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා

රැයට දහවලක මෙන් ඇහැරි
දසල දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි

දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා

රැයට දහවලක මෙන් ඇහැරි
දසල දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි

Written by Thisara Weerasinghe

අන්සතු ඔබ | Ansathu Oba by Thisara Weerasinghe [2021]

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

රත්තරනේ | Raththarane by Thisara Weerasinghe [2018]

සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක​
සිනාසෙන්නේ සොවින් සිත යට

නොයා ඉන්නේ නුඹව අතහැර​
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ

දරාගන්නේ රහස අඳුරක​
සිතා උන්නේ තනිව සිත යට
රසේ දුන්නේ ඔබට දිවියක​
සිතේ ඉන්නේ ඔබය පහසට
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා