රෝස කතන්දර | Rosa Kathandara by Nimanthi Chamodani

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා ඔරවන්නෙපා

ඇස්මානේ සන්සුන් හිනාවේ
හිත් යහනේ පෙම්මන් කලානේ
පැහැ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සද සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා ඔරවන්නෙපා

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

ගිම්හානේ අනුරාග දානේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලි වෙන්නම්
මං ලං වෙන්නම් සදසාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා විදවන්නෙපා

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ