සඳ නුඹ ඇවිදින් | Sanda Numba Awidin by Uvindu Ayshcharya [2025]

මගේ හීන සරසා
සඳක් අහසෙ ගිලුනා
මටත් නොදැනි මං තනි වෙලා…

මගේ නොවන හින්දා
දරා කදුලු හංගා
ඔහේ ජීවිතේ ගෙවෙනවා…

නුඹෙම වී ඇවිලිලා
දුන්නු ඒ පෙම් සිනා
මාවතේ තැන් පුරා
ආදරේ සොයමි මා
නුඹ නොඑනා දිනේ හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ…..ම්ම්……මගේ

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්….
තරු අතරින් මං,දුර ඈතින් බලන්
යලි නුඹ එනකල් ඉන්නම්….

බලා නෙතු අගින්,නොයා හිතුමතින්
වේදනා උහුලමින්….
දරා ඉමි සුවෙන්,එදා උනුහුමෙන්
ආදරේ මං හිතින්….
නොයා හිතේ හිදී මගේ
නුඹේ මගේ හි සෙනේ

නුඹෙම වී ඇවිලිලා…

නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
නුඹ ඇයිදෝ සඳේ….ම්ම්….මගේ

සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්

written by Uvindu Ayshcharya

ආයාසයේ | Ayasaye by Anushka Udana ft. Dilu Beats [2025]

ආය නාවත්
මතක් වෙන වාර ගානක්
හද මන්දිරේහි
නැවතිච්ච ප්‍රේමී

කාරනාවක්
අහන්නද මාව තාමත්
මතකෙන් නොසේදී
සිහිවෙයිද ප්‍රේමී

හෙවනැල්ලකින් මා පැතූ
සිහිලැල්ල සංකා මැකූ
ගෙනදුන්න ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කදුලයි ආදරේ

දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතින් ඇදී
බොදවෙයි ආදරේ
ආදරේ…

හදවත් බිදීමේ වරදත්
ගගුලක් පිරේවී කදුලක්
ඒ නෙතු දෑලේ
පිලියම් සොයම්දෝ මම නම්
සමුගන්න යාමේ තව නම්
උහුලන්න වේවී රිදුමන්
ආයෙත් ආයේ
සමරන්න ප්‍රේමේ තනිකම්

ආදරෙන් මා පැතූ
හෙවනැල්ල සංකා මැකූ
සිහිලැල්ල ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ…

written by Nisal Gamage

Song lyrics Find song lyrics Lyrics search Free song lyrics Lyrics to songs

නුඹව සොයා | Numbawa Soya by DILU Beats [2025]

හැගුමන් රැදිලා
මේ හිතම පාවේ
පවනින් වෙලිලා
නුඹ වෙතම යවේ දැනී
ප්‍රේමාදරේ

මනරම් සුවදක්
සවනතට වෑහේ
සිහිනෙන් සැනෙකින්
නුඹ සොයන් ඒවී වගේ
ප්‍රේමාවියේ

හිරිමල් වැස්සේ
තෙමිලා මා හා
කෙහෙරැල් සිත්සේ
දිවුනා මෙදා

සැනසෙන්න ඕනේ
පෙම් හසරැල්ලේ මුවගේ
දුර පියඹන්න ඕනේ
නුඹ එක්කන් මේ ලෝකෙන්

නුඹව මා
පියපත් සරසලා
ගෙනයමි දැන් නොරිද්දා

පුර සදවී මාගේ
අවරට එලිය වූයේ
නිරතුරුව ඔබගේ ස්නේහේ
මට විදගන්න ඕනේ
නුඹෙන් මා
නෑ තවකෙකු සොයලා
නෑ ඉතින් කිසිදා

මේ නිදුරු මාවතේ
ව්හගුන් ඇදේ මා වටා
ඔය දෑස මනසේ තියා
මං එන්නෙමි නුඹව සොයා

සංසාර මාරුතේ
ගිමන් හරිනා ලදේ
සැගැවෙයි ද මා මෙහි තියා
මං නුඹේ රුවම සොයනා නියා
නුඹ ඉන්නවාද සැගවී නොයා

මේ පිණි වැස්සේ
ඔබ හා මෙ මා
තනි වෙන්නම් මෙදා

සැනසෙන්න ඕනේ…

පුර සදවී මාගේ….

written by Dileepa Madushan

ආලකම් ලියා | Aalakam Liya by Ramidu & Dilu Beats [2025]

තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈත
මිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝම
දැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූව
අහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම

මේ මාවතෙන් එහා
හමුවේවිදැයි කියා
ඉඟියක් නොලත් හිතින් දරාන තාම ඉමි බලා
සංසාරයේ පුරා
ඔය රූ හිතේ තියා
මතු භවෙක හෝ තියාන යමි මේ ආලකම් ලියා..

මතක ළඟ තියාන මං විඳිමී නුඹේ සිනා
පෙරදාක ඒ හිනාව කෝම මඟ හැරීද මා
තනිය නොදැනුනා නුඹ ළඟින්ම වුන් නිසා
කවදාක ඒද තනියට තනිකම මකන්න මා

මේ මාවතෙන් එහා…

written by Umera Pathirana

sailor song lyrics,lyrics,gigi perez lyrics,sailor song gigi perez lyrics,sailor song lyrics gigi perez,gigi perez sailor song lyrics,die with a smile lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,music,sailor song,lady gaga die with a smile lyrics,sailor song gigi perez,bruno mars die with a smile lyrics,lyrics die with a smile,lyrics sailor song gigi perez,lyrics gigi perez sailor song,lady gaga bruno mars die with a smile lyrics

කමක් නෑ | Kamak Na by Shan Putha ft. IZZU & Dilu Beats [2024]

මේකෙ ලස්සනම අපේ සිංදු
උබලයි නම් ඉස්සරහින් බිංදු
බර පංති පාවිච්චියක්
නෑ ගහනව පටු පාරක්

මලකින් දුම් දාලා
කනවැද්දුම්
මේවා අපේ කොල්ලන්ගේ
හිත උඩින්ම රැන්දූ

සෙල්ලම ක්‍රිකට්
දෙන්නම් මාලිගේ වගේ පන්දු
කලවන් නෑ මං
බලපාන්නෑ ඩිස් සතේකට
සත්තු දිහා මාන බලන් ඉන්නේ අතකට

බර වාහන පිටවින්
කොල්ලොන්ට එන විටමින්
එක පේලියේ රවුමයි වන් ශොටේදී
හිත් රිදවීම්

මේවා උඹලා හිතන්නැති පැති
කර්මාන්තේ කා දමන ලමයි
මේවා අහලත් ඇති

උඹලා කොටි නම් අපි ISIS
ඒකාලේ මේකී හයියට
දැන් උනත් එහෙමයි
පොදි බැදන් ආවේ උඹලා
ඉදී මේකට හිස් අතින්

මාගම්පුර නම් අටමස්තානේ
සිහි නැති වෙන්න වැදුනාවේ
නෝන්ඩි නොවී වැඩේ කරගත්තේ නෑනේ
පහන්තුඩාවේ

මේගොල්ලෝ පොඩි දේටත් මංචු දාවී
කාලක්ගම් ගැහුවේ සෙල්ලමෙ වෙස් නැතුව
ඕන්නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හැර පැතුව මේකි මාර
මේකේ මර ග්‍රීස්මේ නැති වෙලාවට වැහි නැතුව
පෙලපත් නෑ සරලයි ඕනෙ දෙයක් ලොකු කන් නැතුව

තේමාගීත පෙරපාලියෙන්
යුක්තිය පෙරපාලියෙන්
දකිද්දී කැම්පස්කාරයෝ
අපි දැක්කේ මනාලියෙන්

කුලප්පු වන අලියෙක්
කා සැමදේ කරදියෙන්
දොස් මුරය දාද්දී
කොලෝ කියන්නේ මම මාගම්පුරින්
කෑ ගහනෝ ගගා මා දාවී
මාස 6ක් දාල මැදින් දාවී

කමක් නෑ ////
අපේ උන්ට ඉතින් කමක් නෑ
මාගම්පුරින් කමක් නෑ ///

උස්සලා ගන්නම් ඇතුලේ ඉන්න සතා
මං තොපේ
මේ උන්දැලා දන්නෑ ඉපැරනි කතා
මේ අපේ
කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටෝරී බොසා
දෙන්නම් ගින්දර වගේ
නොම්බර එකේ නාද රටා

හැම කමිසේම ඉදිරිපස සිදුරු ඇත
අලු කැඩී රැප කුබුක් කද වැනි
උඹලා අපි තරකඩි
ඇතුලුවීම තහනම්

සෙල්ලම වටේ කම්බියක්
මත් ද්‍රවය දුම් බී
පෙණහලූ නම් සොම්බී

වසන්තේ නෙවෙයි පිපුනේ ගිම්හානෙක
නගරේ නෙවෙයි හැදුනේ ගම්මානෙක
මම හින්දුස්තාන් වෙච්චී
මාගම්පුර මෙම්බා
ලංකාව වටේම මට යාලුවෝ අම්බානෙක
මේකෙ වසන්න අමාරුයි
ඔලුවේ සෙන්සර් වැඩ නැත්නම්

හැමෝම ඇයි ඇහුවේ අන්සර්
නොකරන්නෙ කෝල්
ගත්තම අඩෝ ශික් බං
සමහරුන්ට රැප ශික් බං
ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්නම්

සිකුරා බැස්සා මගේ දැන් ගෙවෙන්නේ
කුජ හතේ තලන තරමටයි දිනූ මගේ මුවහතේ
කැන්සල් ගේම හදවතේ
සිංදු අහලා හේටර්ස්ලා කල්පනාකරයි දහ අතේ

රිලේශන්ශිප් එක මේ මල හා
උඹ දිගා උනු එකා
මම තමයි උඹට රහස් කියපු වලහා

රටේ උන් රැප් අහනවා
උන් අහන්නෑ විරහා
ගනු දෙනුව මොලහා
විදිනවා කන හරහා

සැර බට්ටෝ ගහලා දෙන්නම්
හිරෝශිමා නාගසාකි
කුඩුවෙන්න ගැහුවා වගේ ෆැට්මෑන් හිට්ලර්
පිට ඉත්තෝ වගේ නෙවෙයි
කලාතුරෙන් ශානා දෙන්නෙ
ආතල් එක ගින්දර නම්
මගේ වදන් ප්‍රෙට්රල්

හිත දීපන් රැපට
අහන්නෙපා මල් සිංදු
සිංහල මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි
මැලේ හින්දූ

වදන් කටින් බඩවැල් අස්සෙන්
අඩියට බස්සයි අපේ උන් ලගදිම
සිංහල රැප් උඩටම

කමක් නෑ ////
අපේ උන්ට ඉතින් කමක් නෑ
මාගම්පුරින් කමක් නෑ ///

written by Isuru Aravvalage & Kaushan Gunarathne

මා දිහා | Maa Dihaa by DILU Beats [2024]

ඈ පේනා මදාරා මලයි
මා දෑසත් කලා වාසනා

පෑ සිනා මා හර්දේ නිවා
හීනේ බවේ දේ සදා

බලාපන් සෝබනී මා දිහා
නාඩාපන් රූමතී මා නිසා

දැක ඈව දුරදීම මගේ
නෙත ගැටුනාට
නොදොඩා හද බැදුනා නගේ

පෙර කිසිදාක නොදුටු ඇගේ
මුව කමල මට
නමුදූ මට හුරුපුරුදු වගේ නගේ

නුරාවෙන් තිගැස්සී පියා
සිනාවෙන් තිගැස්සී නොයා
නොකීවත් හිතස්සේ තියා
දැකීමත් ඇතී මට ඔයා

රෝස තොල්
මගේ වේදෝ නොමවේදෝ
ඉතින් මා ඉන්නම් බලා

සෝ තැවුල් කම වේදෝ
නොම වේදෝ හිතින්
හංගන්නම් මෙමා

බලාපන් සෝබනී මා දිහා…
දැක ඈව දුරදීම මගේ…

written by DILU Beats

dilu beats songs,dilu beats new songs,dilu beats new song,dilu beats,dilu beats neth manema,dilu beats nethu manema,sinhala new songs,sinhala love songs,numba ha song,new sinhala songs,sinhala new songs mp3,sinhala new songs 2024,ishini wijesinghe songs,new sinhala song,ishini wijesinghe,nethu manema video,nethu manema music video,nethu manema,man nube nethu manema innam,katharaka thani,neth manema,ishini video,e ridum niwee,neth manema video

රළු නෙතු | Ralu Nethu by Iman Fernando ft. DILU Beats

මතකෙක පැටලෙනු පෙර හාද කම්
ඔය රතු තොල් මගෙ වෙනවානම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
තව ළං වෙන්නට හිතුවා මං

තෙත වැහි බිඳු හිත හදලා ගියත්
ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
තව ඉන්නට කළ කුරුමානම්

හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා

ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ

දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා

උණුහුම රැඳි තතු මම නෙතු පියන්
හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
තව තව නුඹ දෙස බැලුවා මං

තනිවුනු හදවත ඔබගෙන් තරම්
කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන්
හැම දවසක නුඹ හිටියා නම්

written by Iman Fernando

චාරිකාවක් | Charikawak by Mihiran, Dilu Beats, Ramidu & Iman

කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
කිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී

ඉඩම් කඩම් පවුල් උකස් තියලා සූදු අස්සේ
මුළු සේසතම අරගෙන ගෘහ මූලිකයින් බැස්සේ
පාර අයිනෙ දවස ගානෙ දිග පෝලිම් දැක්කේ
තැබෑරුමට පුදපු සල්ලි කාවද බං රැක්කේ

උන් දන්නේ නැහෙන්න
ලෝකෙ හැල්මේ දුවන්න
කාටවත්ම ඕනේ නෑ අද්විතීය වෙන්න අද කාලේ
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්…

සද්දෙට අඩිය තියන්නත් බයයි හිත් පෑරෙයිද
දිලූ අපිට ගෙදර යන්න රෑ වෙයිද
එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්
ඉමා පොඩි ඉඩක් දියං මට
මේක කියන්නම ඕන කතාවක්
ඇමති පුතු ජපානෙ අට පාස් කොල්ලා ලැග්ගෙ ගරාජෙ
වත්කම් දැක්කම දෙකට නැවෙනවා ඔන්නෝකයි තත්වෙ අද සමාජෙ
නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ
උඹට වදන් දෙන්න දාහක් දෙනා ඇති ඒත් අත දෙන්න ඉන්නෙ එකයි
ඌව රැකපං මචං අනුන්ගේ ගෑස් හරි ගණන්
රෑ වැටුණ වලේ දවාලෙත් වැටෙන්නෙපා ගිහින් අහක බලන්

පරම රමණී හේ..
කියාන ආදරේ ළඟදි හේ..
පුතාණො කෙල්ලන්ට නැවෙන නැවිලි දැකලා
අම්මට හිනා ගියේ හේ..
බොරුව දැන් ඇති නේ
බිමට එන්න කල් හරි වගේ
ලෝකෙට පෙන්නන මූණ තරම් කාගෙවත් හිත
සුන්දර නැහැ නේ හේ..

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් //

written by Mihiran

නගා | Naga by ShanaXShena [2024]

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරි
දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං කාලා වැව වාන් දාලා මගෙ අහංකාරි ඇයි නගා
දැක්කම නගා
දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා
ඕ නගා
දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා
ඕ නගා

වන් ඩේ පාට් ටයිම් වැඩ නාට්ටාමෙ මැද සේවය කරන්නේ අපි ස්වේච්ඡාවෙන්
අනේ හැමදේම නන්ගි මම මාත්ත්‍රාවෙන් මම නීල් සද ගමන යාත්‍රාවෙන්
දැක කෝලම් මල කෝලම් දුන්නොතින් කනු රානම් උඹ පානං ආනං මානං
නෑ මගෙ වයිබ් එක ක්‍රිස්පී වැටුවග අහුවෙලා නෑ ගෑනුන්ට ඩස්පී

ඈ නීලම වරල පීරලා එනකොට අමතකයි මට සේරම
නැමෙන්නෑ කා ලග උඹ ගියොත් කෝ එන්න බලන්න ඊලග
ඉල්ල ගන්නේ නෑ මං වාලන සිගා වාලන සිගා
ඇහෙන් කරමි ඕන එකියක් දිගා ඕන එකියක් දිගා
හේන පාලුනම් ඒ කරන්නං මං වගා
බැරි නම් අනේ උබත් පලයං නගා

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාරි
දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාර ඇයි නගා
දැක්කම නගා

ඔය ලස්සන පස්ස ගස්ස ගස්ස ලිස්ස ලිස්ස ඔයා යනකොට
වම් තක්කර තක්කර උඩයට සෙලවෙන තඩි ජම්බෝල
ඒවා දැක්කම නාගයා එලියට එනවනේ බායි කියලා හුබහට
නංගිලා ඉන්නවා සක්කර සක්කර බාර වෙන්න දෙයියන්ට

ඕඕ රාමායි සීතායි ආලේ කෙරුවේ පොත්වල
නංගි මාතායිද කැතායිද හිතුවෙ නෑනේ හිත් වල
අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල
අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල

වගේම රස්ත පාරෙ මම දාන ටායිකෝට්
මූනම වහනවා දාලා වයිට් සෝස්
සලනකං අයිබ්‍රෝස් නෑ රෝස් බෝස්

ස්ටයිල් එක බායිපෝස් 24/7 මම හයිඩෝස්
ආසම මම වයිට් රෝස් බොන්න ආසම මයිලෝ
පාන් කයිද ඩෝ නායි රෝස්

written by Shan Putha x Shane Zing

ඇයි මං ආවේ | Ai Man Awe by Shan Putha × Dilu Beats

කාලය විසින් තීරණෙ කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ

නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට

බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ
මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ
දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ
හිතහයිය කරං නොබලා හිටපං බල්කෙ

මුලින්ම….
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද
මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද

වරදින්න මොහොතයි හරියන්න කල්ගියා
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං

වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්
මුගටියා වගේම එතනදි වැරදී නාගයත්
වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා

භාදක ඇත තාවමට පැනීමට..
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට
දැන් අමාරුයි හැරීමට
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ
දෑස් වැසෙන්නට පෙරඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට

මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!

බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්….!!!!

වැහි මන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.

මා නෑ දෙවියන් බාරේ
සංසාරේ…
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..

නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි
ප්‍රසංසාත් සේ නින්දාත්
මේ සාංසාරේ ඇවිද්දාත්
භව තන්හාය පැවිද්දාත්
උන්ට තාමත් නෝතේරිච්චි..!

සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න
අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න
නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න…!

මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු,
රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු,
අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම…!

මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
කෙරෙන්න ඕනෙ වෙලාවට
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
“ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා…!”

වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
(නැහිලා නැහිලා)
මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න
අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)…!

නෙත්දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි
එක පැත්තකීන් දඩබ්බරයි
අත්දැකීම් ගොඩක් බරයි
හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට
මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!

පැවසුවොතින් මම ඇත්තම
සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම
එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම
මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම…!

මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන
ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන
අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන
එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන…!

වැහිමංමන්දාරේ…

මා නෑ දෙවියන් බාරේ…//

written by Shan Putha