ඈත හීනෙට | Aetha Heeneta by Hirunika Rajapaksha

ඈත හීනෙට
පාර කියනා
අකුරු රේඛා
මතම වැතිරී

දෑස සෝදන මතක අතරේ
කවිය නුඹ තනියෙන්
ලියූ මම අදුරේ

ඈත හීනෙට
පාර කියනා
අකුරු රේඛා
මතම වැතිරී

දෑස සෝදන මතක අතරේ
කවිය නුඹ තනියෙන්
ලියූ මම අදුරේ

එදා ඈගේ
සුවද කැටි කොට
ලියූ පද වැල
තවම මා ලග

හුස්ම නැවටී මාලතී මල
නිදිද තාමත්
පෙනෙන ගම් දොර

යහන් පාළුව
මකාලන්නට

නේක සිතිවිලි
හැඩකලෙමි මම

නමුදු දොම්නස
උතුරනා සද

කවිය නුඹ තනියෙන්
ලියූ මම අදුරේ
ලියූ මම අදුරේ