ප්‍රේම නික්මන | Prema Nikmana by Himansa ft. Tharindu Damsara

අතීතයේ මතක කොදුරන
තනිකමේ තපෝ වන මැද
ප්‍රේම නික්මන දැනෙන යාමෙක
සුසුම් කඩුසිලින් හදම රිද්දන
නුඹේ මුහුලස නැගෙයි මතකෙට

හැඟුම් උයනේ අතාරින ලද
බැඳීමේ වන ලැහැබ් කටුරොද
පැටලි ඇසෙනා කඳුලු තනුවට
සඳ සේ රුව මවයි මා හද

ගිලිහි ගිය දා වසත් ප්‍රේමය
දුක්ඛ තෝමර පෙලයි හද මල
නමුදු දැරු විට විපිලිසර නෙක
අහිමිවීමම ප්‍රේමයකි සඳ

සන්ද්‍යාව | Sandyawa by Himansa Samarakoon ft. Tharindu Damsara [2020]

සන්ද්‍යාව තව ඒ වගේමයි
ශේෂවෙනවා පමණයි
මතකයන් හවසක් වගේමැයි
හුදකලාවේ මුමුණයි
දැනට සොදුරිය එපමණයි

විඩාපත් වූ රැයක මැදියම
පහන් කනු නිදිවරයි
ප්‍රේම අවනඩු අයිති ඉල්ලා
රැහැයි කරදර කරයි
අදුර කැන්දන් රාත්‍රිය
පැමිනෙන්නෙ ඒ හින්දයි
දැනට සොදුරිය එපමණයි

අලුයමේ මුදු සීත පිනියට
මල්පෙතිත් හරි බරයි
හිරු ඇවිත් පිනි බිදක ආයුෂ
ගැනම ඇවිටිලි කරයි
සේද සැරයටි ඇතැත් නැතුවත්
ලෝකයම අන්දයි
දැනට සොදුරිය එපමණයි

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here