රූ ඡායා | Roo Chaya by Harsha Withanage [2018]

රූ ඡායා මවනා
මාගේ ප්‍රෙමාදරේ
රෑ දහවල් ඔබගේ තුරුලේ
ඉන්නම් පෙර වාගේ

රූබර සේයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
දිවිපුරා මග ඉන්නවා කීවේ
නෑ ආයේ

ඔබ ගැන
සිහිවෙනවා නිතරම
බෑ ඉන්න
හදවත උතුරුනවා ඔබේ පෙම
වෑහෙන්න
රූබර සිරුයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ

ඔබ මාගේ
ඔබ මාගේ

දැන් දැන
පෙම් කෙරුවා ඔබටම
සෑහෙන්න
හදවත ඉකිබින්දා
ඔබටද නොදැනෙන්න
රූබර ශ්‍රීයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ

රූ ඡායා මවනා
මාගේ ප්‍රෙමාදරේ
රෑ දහවල් ඔබගේ තුරුලේ
ඉන්නම් පෙර වාගේ

රූබර සේයාවී මාගේ
ආදරෙන් මං මුලාවේ
ඔබ මාගේ
ඔබ මාගේ
දිවිපුරා මග ඉන්නවා කීවේ
නෑ ආයේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සඳනාරී | Sandanaari by Harsha Withanage [2018]

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

අවතැන් හදේ / Awathan Hade – Harsha Withanage [2019]

අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ

නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු

අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ

Official Music Video:

https://youtu.be/FM1vsrqbpZk