කාසි සබන් පෙණ | Kasi Saban Pena by Sarith & Surith

කාසි සබන් පෙණ ලූ
ගෑනු අයිස් කැට ලූ
බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ

කෑශ් අතේ නැති ලූ
ක්‍රෑශ් වෙවී යමු ලූ
බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්

ආවේ දොදොල් වෙවී අපේ නොනේ
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී
දුම්බල බර බලන් නසරානී

ඒ සුන් සුන් සුන් ඒ මචං
ගත්තා සැපක් සිංගල්
ඒ දැන් දැන් කැන්සල් නේ මචං
ගත්ත බෙරේ ගහපං

ඈ කඩාපනී
දැන් වලි පෙරලී
බජාර් එකේ දැන් නොන්ජල් වී //

වාසි වෙද්දී හොද ලූ
ආයේ කතා නැති ලූ
පරන කේස් හොය හොය මට නක්කල දාවී

ප්ලීස් පනේ ඇති ලූ
මං කෙරුවේ බොරුලූ
ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන්
ගෝරි නේ වයිෆී

මේකප් සැලුන් ඇදුන්
බිල් දේවී
වැහිලා යකා අපේ සීදේවී
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
දත් මිටි කකා එයා ගුටි දේවී

ඒ වින් වින් සිටුවේශන් මචං
උඹයි මමයි සෆරින්
ඒ සොල්ලි වේල ඉල්ල මචං
බැන්ද බෙරේ ගහපං

ඈ කඩාපනී //

written by Tiron Perera

පිච්ච මල් | Pichcha Mal Wassakin by Ridma Weerawardena

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

written by Tiron Perera