ලියතඹරා මල | Liyathambara Mala by Chandana Liyanarachchi

ලියතඹරා මල ඔබද ලදේ
මා වසඟයක් කැරූ
විෂ බදුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ

අවිහිංසක දෑසේ කඳුලැලි දැක
මා ගැනවත් නොසිතා
මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා
පුද දුන් සෙනෙහස එතැනම මියැදී
මා වූවා ද මුලා

ලියතඹරා මල ඔබද ලදේ
මා වසඟයක් කැරූ
විෂ බදුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ

කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා
ඔබ යයි මඟක මුලා
සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ
යන්නේ ඇයිද පෙලා
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ
ඔබ වෙතට දෙමි සමා

ලියතඹරා මල ඔබද ලදේ
මා වසඟයක් කැරූ
විෂ බදුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ

හිරිගඩු නංවන | Hirigadu Nanwana by Chandana Liyanarachchi

හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිත
කීකරු මගෙ සිත චංචල වී ඇත
ඔචිචමි කරමින් හිනැහෙන නුඹෙ නෙතු
කියාදියන් මට …. කියාදියන් මට

වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිව්වට දන්නැති
අහංකාර නුඹ …. අහංකාර නුඹ

හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

හිනැහෙනා අත් බනු | Hinahena Ath Banu by Chandana Liyanarachchi

හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා
එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා
ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා
ඔහොම හිටියා සිත් පුරා

දෙනෙත් ගෙන මා දෙවුර සතපා ගිය ගමන් දුර ගව් ගනන්
පුරුද්දක්වී හදට ගොඩවූ දැනෙයි යන විට පසුකරන්
යකඩ කඳවුව ඉබේ නලියයි සුදෝ කෝ දැන් හස නුඹෙන්
සුදෝ කෝ දැන් හස නුඹෙන්

පෙරදවස මා ඔබ දකින්නට නිතර එන හැටි මැවෙනවා
දැනුදු දැන් දැන් එතැයි සිතමින් දෑස් නිරතුරු කෙවෙනවා
නමුදු සිහිනෙකවත් නොයෙන්නට නින්ඳ මට පිටුපානවා
නින්ඳ මට පිටුපානවා

හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරා
එමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරා
ඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරා
ඔහොම හිටියා සිත් පුරා

බුදු පුතේ වෙසක් | Budu Puthe Wesak Sanda by Chandana Liyanarachchi

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවේ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගේ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනේ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

දඟකාර හසපාන | Dangakara Hasapana by Chandana Liyanarachchi

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ

පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේ
සිතකින් බැඳී ඉන්නෙමී
හඳ අරණේ දොර හැරී ඔබට ඉඩැති මල්සර අතරේ
බැල්මක් රැදිලා ආරාධනා ඔබටමයි

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ

මධුමල් පිපේවී විහඟුන් ගයාවී
පිපි මල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම් සුවඳක දැවටී
සුළඟේ පාවී හද සනසනු හංස ලතාවී

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ

දේදුන්නක් වී | Dedunnak Wee by Chandana Liyanarachchi

දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න

හොරැහින් බලනා හැටි මගහැර යන්න ඔයා
මැනවින් හඳුනාගෙන මම ඉමි අහක බලා
පුළුවන් වුනොතින් මට ඔබගේ වෙන්න සදා
මේ සිහිනය මනරම් දොවොලක් වේවි එදා
මේ සිහිනය මනරම්
සිහිනය මනරම් දොවොලක් වේවි එදා

දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න

අදහන්නට බෑ එක දවසක් හමුවුවා
සිත ගන්නට බැහැ වෙනතක යන්න හැරිලා
හරි ආශාවෙන් ඇති මගෙ හදවත ලියලා
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
මුලු ලෝකෙම මගෙ ලඟ
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා

දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න

දෙනුවන් හඩාවී | Denuwan Handaawi by Chandana Liyanarachchi

දෙනුවන් හඩාවී මා සිත දැවේවී
සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී

සුලඟක් සේ ඔබ හමුවී එනන්ට
හැකිවේ නම්
ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා
යළි එන්නම්

මගෙන් ඈතක පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට මා ලඟ ඔය සිත
පුරමි පැතුම්

කිරි වෙහෙරට ඉහලින් | Kiri Weherata Ihalin by Chandana Liyanarachchi

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති
තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි
සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි
සතර වරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති
වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති

ඉර මඩලට | Ira Madalata by Chandana Liyanarachchi

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහිද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලී

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

විලට තහංචි නිල් දිය කඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහිද තහංචි
නුඹට ආදරෙයි අපෙ හිත රිදුනු කිරිල්ලී

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

ඉර මඩලට පෙම් කලාද
පුංච් කිරිල්ලී
ඈත ඈත පියඹුවාද
ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී

කඳුළු ගලා | Kandulu Gala by Chandana Liyanarachchi

කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා ගියේ

දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන්
කොතරම් කියාදී මට කන් නොදී
දෙසිතක් සොයා ඔබ මට ශාප වී
කඳුළු ගලා ….

රැ තුන්යාමේ මා නම් දැවී යයි
පෙරකල පවක්දෝ පලදී තියේ
තනියෙන් හිදින්නම් සංසාරයේ

කඳුළු ගලා ගංඟා සේ
මා හඬනා හෝරාවේ
ඔබ කොහෙදෝ මා ළඳුනේ
සමුගන්නේ ඇයි මෙලෙසේ
පිදු මා සිත මල් ගෙන සුන්කරදා
ඔබ කොයිබද සැඟව ගියේ
ඇයි ඒ මල නැවත නොදෙන්නට
මා රිදවා ගියේ