කවි සීපද | Kawi Seepada by Chandana Liyanarachchi

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

මෙවලම් මොකටද | Mewalam Mokatada Metharam by Chandana L

මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ

දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන රොන් ගෙනයති බඹරු
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු
කදුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු

මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ

ඉකි බිදිනා රෑ තුන්යම සිත් මල අඩ නින්දේ
සඳ මඩලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ
නුඹ අතිනුයි නිර්මල පෙම් යහන කඩා වැටුනේ

මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ

මේ කඳුළු | Me Kandulu Thotupalai by Chandana Liyanarachchi

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු…

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

මේ ගීය ගැයුවෙ | Me Geeya Gayuwe by Chandana Liyanarachchi

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

දේඳුන්න සේම පායලා
ලස්සන අහස් තලේ
ඒ රුව මකා දමා
වැහිකළු එලා තියේ

මා දන්න කියනා හැමතැනක්
ඒ සිනා හඬ ඇසේ
මේ කඳුළු අරන් යනවාද
පාවෙන වලාකුලේ

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

මටත් තිබුණා | Matath Thibuna Prmayak by Chandana Liyanarachchi

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුදුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවු කොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුනු ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

මංගල දිනයේ | Mangala Dinaye by Chandana Liyanarachchi

මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

මංගල රියෙන් බැස ආ ඔය දැස කදුළැල් පුරා
දුර ඈත කව්රුන් හෝ ඔය නෙතු බලා සිටියා
ඊයේ දුටුව ඒ ලස්සන මුහුණේ
පෑයු පුන්සඳ මැලවී ගියා

මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

දෙගුරුන් නිසා බැදි සෙනෙහේ නාමෙන්
ඔබ හා අතිනත ගන්න කියා
අන්සතු ළඳක් බව නොදනිමි මා නම්
පෙරදා දනී නම් සමුගනිමි මා

මනමාලකම් පාන | Manamalakam Paana by Chandana Liyanarachchi

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා
මා සිත හොර පටලලා දැවටිලා
මුමුනන්න හදනා නිස් කරනා
මට ඕනේ අහන්නට කල්පනා

මේ සීත වැහි කාලේ තුරුලේ හොවා
ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා
තව ඉන්න බෑ තනි වෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මහද විලේ රැලිති | Mahada Wile Ralithi by Chandana Liyanarachchi

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

පහනක් වී දැවටී නිබඳේ
කාගේවත් සිත් නොරිදෙන සේ
විරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්
කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

කළුවර රෑ නිදිගත් අහසේ
සඳවත වී සෙනෙහස ගලනා
පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින්
ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

මහද ගගන තලේ | Mahadha Gagana Thale by Chandana Liyanarachchi

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු

රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

මගේ ආදරේ තරම් | Mage Adare Tharam by Chandana Liyanarachchi

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළංවෙලා
වෙනස් කලා මගේ ජීවිතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

හීන ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්