ඇයි නපුරු | Ai Napuru by Shihan Mihiranga [2023]

ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ හිනාවෙන්න මම දරාන ඉන්නම් මගෙ දුක
හිත පාරන පාරන වාරක් පාසා නොදැනිම
නුඹ රිදවා මට හදාගන්න බෑ මගෙ හිත
මට නොතේරෙන්නෙ මම ඇයි තව ආදරෙ ඔබටම

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

written by Shihan Mihiranga

මේ ඇස් දිහා බලන් | Me As Diha Balan by Shihan Mihiranga

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද… ම ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගේ රත්තරන්

පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්

කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්

මතකයි හිත | Mathakayi Hitha Haduwa by Shihan Mihiranga

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

හිතේ කොනක් හෙමිහිට හැඩුවා
තනිකම තනියට තනිමැකුවා
ඔබ එන මගබලලා හඩනා නෙතු සඟවා
මගේ හිත කොහිදෝ තනිවූවා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නවැතුනදා

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා ඔබේ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

රොන් සුවඳ ගෙන | Ron Suwanda Gena by Shihan Mihiranga

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළඹා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

රැය පිබිදී | Raya Pibidi by Shihan Mihiranga

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Six super six
The nights start to grooving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

මීදුමෙන් සඳ හෙමින් එබි එබී
දන්න ගීයක් කියා දේවී
සාදයේ සවු දියෙන් නැහැවෙවී
තුරුනු හිත් ලං වුනාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

හද ගැබේ පොපියනා නව හැඟුම්
සීත පවනේ ගලා යාවී
යව්වනේ ඉස්තරම් කල්පනා
පිරුනු හිත් ලං කලාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six lets keep on moving
Six super six

රෑ තිස්සේ ඇවිල්ලා | Rae Thisse Awilla by Shihan Mihiranga

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ දැනුනා හිත සළු පුරා
ශෘංගාර හීනේ තියන්නට එපා

තනියෙන් ඉන්නට බෑ කෙතරම් දුරයිද ජීවිතේ
දමා යන්නටත් බෑ මෙතරම් සොඳුරුයිද ආදරේ
හිතා ගන්නටත් බෑ මටනම් ආදරේ දැනුනාදෝ
ජීවිතේ වින්දාදෝ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ කියන්නේ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ
හීනය දකින්නේ නෑ මෙතරම අන්ධයි දෑස මගේ
නිහඩව ඉන්නෙත් නෑ මමනම් ආදරේ රල වගේ
ගලනවා ගඟ වගේ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

හිත අගුළුලා හිටිය හින්ඳා
ඔබ ඇවිත් දොර කවුළු බින්දා
මගේ ජීවිතේ ඔබම හින්දා
මසිත බැන්දා ඔබව ඉම්බා ..

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

රැ සිහිනෙන් | Raa Sihinen by Shihan Mihiranga

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

පුංචි කුමරියේ | Punchi Kumariye by Shihan Mihiranga

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්

කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ…

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔය රුව දුටු විට | Oya Ruwa Dutu Wita by Shihan Mihiranga

ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික ලියයයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

ඔබේ සෙනෙහේ | Obe Senehe by Shihan Mihiranga

ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැඳවෙමින්
කඳුළු පුරනා දෙනෙතු අභියස
සොඳුරු මතකය බොඳ වුණි

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

පායා එන සඳටත් වඩා
ඔබ මට උණුසුම වූවා

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

නොඑන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනිකලේ
කුරිරු ලෝකයට බිහි කළේ
කිමද මා මෙහි තනිකලේ
ආදරේ නැතිවද අම්මේ
පාලුයි දැන්
අත ඇති මල් මිට ගිලිහුණා
පිපි පැතුම් පොඩි වියැකුණා
මව්නි ඔබ මා හැර ගියා