සිතින් විතරක් | Sithin Witharak by Ajith Bandara

සිතින් විතරක් ලං වෙලා
අහිමි බැවු දැන පෙම් කලා
නොසිතු මොහොතක රන්ඩුවී හිත
ඔබව ඉල්ලා බල කලා

ඇසිපියන් යට මගේ
සිහින හංගා පාඩුවේ
ලංවුනේ මම නොවේ
යටි හිතයි ඉක්මන් උනේ

මගේ යැයි හැඟිලා
හදේ ඉඩ සෙවුවා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මගෙ රෑ දිවා

තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ

මගේ යැයි හැඟිලා
සිතින් විතරක්

bandara,seetha handekare,ajith,asipiya salana nisa,ananmanan.lk,raa sandaliya sema,athugala,mage sithata muwawen,tharuka niwa,sinhala,srilanka,ringtone,maharaja,thilaka thiyanna,maaruk mal,duvillen thilaka thiyanna,haadu dun susanaya,sudu hansiye,lanka,songs,video,phone,oba innawanam,parasathu mal,etunes,derana,videos,sihineka sitha,mata inna nodee,innawanam,mage nage,samprapthiya,popularonyoutubesrilanka,entertainments,mentertainments,amma,mentertainmentspl,hirutv

සෙව්වන්දියේ දැන් | Sewwandiye Dan by Ajith Bandara

සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්න
හාදු දුන් සුසානයෙන් නික්මෙන්න
මට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න

රත්තරන් ආදරෙන් ළං වෙලා
සිහිනයක මා තනිවෙලා
හද රිදුම් දෙන ආදරේ ආදරේ

අන්ධකාරේ අහස් ගැබ කැලඹිලා
සඳ එළිය ගොළුවෙලා
ඔබේ හදවත සිඹිමි මා
මුදු ලෙසින් ආදරෙන් ආදරෙන්

ඔබ නමින් මා ලියූ පෙම් හසුන්
අවසන් හැඟුම් කොඳුරන්න
කඳුළු වැල් වියැළිලා නෙතු අගින්

රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරයේ ආදරයේ ආදරයේ

රත්තරන් දැන් ඉතින් ආදරෙන් සමුගන්න
හාදු දුන් සුසානයෙන් මගෙ මැණික නික්මෙන්න
දැන් ඉතින් හැර යන්න

රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරියේ ආදරියේ ආදරියේ

සීත හැන්දෑකරේ | Seetha Handakare by Ajith Bandara

සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්
කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ
පූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූ
හීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේ
සීත හැන්දෑකරේ

කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්
මට පේන හින්දා ඈතින්
සඳ පාන හැංගුණාදෙන්
මඳ සීත මාරුතේ තනි යහන පාළුවෙන්
කරකාර ලන්න ඇත්නම් මගේ හීන රාජිනී
සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනාවේ
දයාලූ පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ

සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්
කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ
පූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූ
හීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේ
සීත හැන්දෑකරේ

සඳරේණු හාඳුවේ හිත මාගෙ නාවමින්
මට හාද වු සැනින් මං සඳ තාරකා ගෙනෙන්නම්
කඳු පාමුලේ තැනූ රන් රෝස මාලිගේ
ඔබගේ නමින් පුදන්නම් පණසේම මං රකින්නම්
සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනා වේ
දයාලු පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ

සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්
කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ
පූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූ
හීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේ
සීත හැන්දෑකරේ

ඔබ නිදනා සීතල | Oba Nidana Seethala Polawe by Ajith Bandara

ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති
ඔබා දණ බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ
අම්මාඅම්මා

වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා
කුලී මාලිඟ තනාලා
අම්මා අම්මා

ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා
අපේ බුදුබව පතාලා
අම්මා අම්මා

ඔබ නිදනා සීතල පොළවේ

bandara,seetha handekare,ajith,asipiya salana nisa,ananmanan.lk,raa sandaliya sema,athugala,mage sithata muwawen,tharuka niwa,sinhala,srilanka,ringtone,maharaja,thilaka thiyanna,maaruk mal,duvillen thilaka thiyanna,haadu dun susanaya,sudu hansiye,lanka,songs,video,phone,oba innawanam,parasathu mal,etunes,derana,videos,sihineka sitha,mata inna nodee,innawanam,mage nage,samprapthiya,popularonyoutubesrilanka,entertainments,mentertainments,amma,mentertainmentspl,hirutv barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

ඔබ ඉන්නව නම් | Oba Innawa Nam by Ajith Bandara

ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

හිත තවයි රෑ දවාලේ
ඇයි මෙහෙම දෑස වැසී
තුන්සිතට වේදනා දී
ඔබ යාවි පාවී පාවී
ආදරය නෙත් හැගීමෙන්
දුක නිවයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවී පාවී

ඔබ සොයා සිත ඉගිලී
ඇස් දෙකම අන්ධවුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවී පාවී

මගේ සිතට මුවා වෙමින් | Mage Sithata Muwa Wemin by Ajith Bandara

මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

සෙවනැල්ලක්ම වෙමින්
පසුපස මා රකිමින්
සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

තොල් පෙති සැලූ වදන්
කී මට බොහෝ වදන්
කඳුලින් ජීවන මග සැදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

මගෙ සන්තකේ | Mage Santhake by Ajith Bandara

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

මට මේ ලෝකේ ඔයා තරම් ළංවුණ කවුරුත් නෑ
මගෙ හදවත තුළ ආයේ නම් වෙනකෙනෙකුට ඉඩ නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබෙ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගේ හිත හොයපු ඔයා වගේ මිහිපිට කවුරුත් නෑ
ඔබ මට සුපුරුදු මේ තරම් ඇයිදෝ මා දන් නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබේ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

මගේ නගේ | Mage Nage by Ajith Bandara

මගේ නගේ ඔයා මලක් වගේ
දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ
රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ
හීනේ මගෙ මගේම වෙන්න නගේ

රොන් සුවඳ වපුරලා
සිත හාදකම් කරා
නිල් වැස්ස යටින් යමුද පේ වෙලා
මල් පිපෙන රෑ පුරා
සිත් අටුවා පුරවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

සඳ නිමුණු රෑ පුරා
ඔබ ඉන්න සඳ වෙලා
තරු රැසක් වසා කඳුළු හංගලා
සිත් පිරිත් මතුරලා
පින් සිරිත් කියවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

මාගෙ හුස්ම වාගේ | Mage Husma Wage by Ajith Bandara

මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැදේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යලි ආයේ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

කඳුළු හුරු නැති | Kandulu Huru Nathi by Ajith Bandara

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි
දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ
මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි