පොඩිනෝ | Podino by Sanduni Karunarathna ft. Tharindu Damsara [2021]

වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝ
රැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝ
ජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝ
ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ

ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේ
ඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේ
ඒ කදුලින් වැඩෙයි ඌ සත් අවුරුද්දේ
නුඹ දැකගන්ට විතරයි මං පා ඇද්දේ

ගල්වල හැපී පොඩි පට්ටම් වෙනු ඇහුනා
හාදු දුන් නළල පුලුරා පෙම ගැලුවා
රත්වුනු යකඩ නුඹෙ අයිතිය උඩ නැටුවා
හුස්මට කලින් උන් මගෙ හදවත මැරුවා

නම්බු නාම නැති උන් අපි හීන් කුලින්
නුබෙ රාගින්න සෝදාගමි පහල දොලෙන්
නුබෙ එක බැල්ම මරණයෙ කෙලවර දෙවටින්
උනත් නුඹ අදිමි සෙංකොට්ටන් කහටින්