ගව් ගණන් | Gaw Ganan by Hirusha Tennakon ft. Asadithaya [2020]

ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..
ලයේ සිරවූ සිතුම් පොදිබැද
වෙර දරා.. වෙර දරා..
කදුලු බිදුවක් වෙලා නෙත්කොන
හිරවෙලා..

ප්‍රේමයට අත්පොතක්
කතර තෙමු වැසි පොදක්
අතු අරා නැගී ආ
නුඹ මහා නුග රුකක්
බදා මහා සෙනෙහසින්
හොවා ලය මත සෙමින්
සිත නිවා උනුහුමින්
මා බලා ආදරෙන්..

ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..

නැවතුන තැනින් ඇරඹුම

සිතට දැනුන ඒ සිනහව
කටකාර කතාව
ඔබ ලග හැමදම දැවටි දැවටි මම
නැවතුනත් හිත හැමතැන
සින්නක්කර ලිව්වෙ මගෙ හැම හැමදෙම
දුවන සිත නැවතුනු තැන මාලිගාව
හැදුවෙමු අපෙ ලොව නව පාට පාට
අඩියෙන් අඩියට පඩියෙන් පඩියට
තනිවෙමු තැනු මන්දාකිනියක

දිගු ඇගිලි තුඩු මතින්
මුදු ලෙසින් අල්ලමින්
ඇස වැටුනු කියඹුවක්
සීරුවෙන් පිසලමින්
නෙතු යුගම දෙස බලා
ඇසිපියක් නොම සලා
හදේ රැදි සියක් දේ
සීරුවට ගලපලා…

කිඳුරාවී | Kidurawi by Asadithaya ft. C Othello [2020]

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

උන්මාදිනී රුව සිත්තම් කර එදා
මා හදවතේ ඇඳි සිතුවමත් අතරමං වෙලා
රෑ සඳවතී ….. කෝලයෙන් හැංඟිලා
අනුරාගිනී මා ගාවින්ම ඉන්න නැවතිලා

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී

නුඹ මැකී යයි හිරු පූදිනා මේ අම්ඹරේ
පෙම් හැඟුම් යයි පාවෙලා රෑ සිහිනයේ
මුමුනන්නම් ආදරේ පෙම් දිගැසියේ
සඳ රාජිනියේ මා ගාවින්ම ඉන්න මතකයේ

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී