ක්ෂේමයේ නගරේ | Kshemaye Nagare by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වාළුකාවේ දැවෙන විහඟුන්
කතරේ සොයනා
ක්ෂේමයේ නගරේ
අහස කලතා
ඔවුන් සොයනා
ක්ෂේමයේ නගරේ

රුඳුරු ගිනිසිළු
ඔවුන් සිඳලයි
කතරේ මරුවැල් ඔවුන් කැඳවයි
ඉතිරි වූ ඒ ළයේ ජීවය
මිරිගු සේයාවකට රැවටෙයි

මිරිඟු දඩයම
අරඹනා විට
තුඩැඟි රැදි ඒ ළයේ ජීවය
වාළුකාවක දමා තනිකර
යලිඳු පියඹයි සොයා ක්ෂේමය

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

වරාමල | Waramala by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වරාමල නුඹ ඔහේ පාවෙන
සැඩ මාරුතය වෙස් පෙරලුවෙද
සුකුමාල නුඹ දැක?
කිතිකවන සනසවන රවටවන
මන්ද මාරුතය පෙරලු වෙස් දැක
සොරාගත් වරාමල නුඹ

නග්න පෙතිමත රැදුනු පිනිබිදු
පෙරලු මාරුතය සැකයි නුඹමට
යළිත් මේ අරාදිනුයේ බියකරන්නද?
සියුමැලි වරාමල නුඹ

සහස්කර නුබෙ පලිඟු පෙතිමත
ප්‍රභාකරනා සප්ත කිරනත
මනබදින රූ
වරාදෙවඟන
ඒ සියුමැලි
වරාමල නුඹ