මුහුද හඬන වෙලාවේ | Muhuda Hadana Welawe by Sunil Siriwardena

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ

මෙලෙස තනි වෙලා
ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා
ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ

සිතිජ ඉමව්වේ
දුර ඈත දනව්වේ
මුසුවේවි සංකා ඇගේ
ඈ හෙලන කඳුළැලි
මුහුදටම යා වෙවී
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ